Thursday, 8 November 2018

SEO (Search Engine optimization)

SEO කියන්නේ මොකද්ද කියල මුලින්ම බලමු

SEO කියන්නේ search engine වලට අපේ තියන site එකක් reach වීමේ ප්‍රවනතාව වැඩි කිරීමේ ක්‍රියාවලියක් .මේකෙදි වැදගත් වන තව දෙයක් තමයි meta data description සහ meta keywords කියන්නේ . ඒවගේම SEO ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.
1.On page Optimization
2. Off page Optimization

SEO කරන්නේ කොහොමද කියල දැන් බලමු

මේ සදහා මුලින්ම කරන්න ඕනෙ ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගැනීමයි. මෙය SEO වලදි හදුන්වන්නේ Keyword Research ලෙසයි. ඉන්පසුව තෝරාගත් හොදම Keywords වලට Search Engine වල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට ඔබේ වෙබ් අඩවිය තුළ වගේම ඉන් පිටත් සිදු කළ යුතු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවා අපි SEO වලදී On Site SEO Methods හා Off Site SEO Methods කියල හදුන්වනවා

On page optimization

On page optimization කියන්නේ අපේ site එක තුල ඉදන් කරන්න පුළුවන් දේවල් ගැනයි .ඒ කියන්නේ අපි කොහොමද meta description එක දාන්නේ වගේ දේවල්.

Off page optimization

ඒ කියන්නේ site එකෙන් පිටත අපිට කරන්න පුළුවන් දේවල් .ඒ කියන්නේ back links හදනවා වගේ දේවල්

වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කරන්නෙ කට්ටිය (traffic) අපේ අඩවියට පැමිණේවි කියා, නමුත් මේ traffic කියන දේ නිකන් පැමිණෙන්නේ නෑ . ඒ සදහා නොයෙකුත් ක්‍රම තිබෙනවා වගේම ගොඩක් මහන්සි වෙන්නත් සිදු වෙනවා.
SEO වල තිබෙන වාසිය නම් කිසියම් විශේෂ මහන්සියකින් තොරව traffic පැමිණීමයි. එනම් මෙහිදී ලැබෙන්නේ Organic Traffic (Search Engine) එකක කිසියම් Keyword එකක් type කර වෙබ් අඩවියකට පැමිණීමයි.

මේ වගේ  Keyword කිහිපයක් සදහා Search Engine වල මුල් ස්ථානය ලබා ගත්තොත් දිනකට දස දහස් ගණනක් දෙනා ඔයාගෙ වෙබ් අඩවියටත් පැමිණේවි. ඉතින් එතකොට Google Adsense, Affiliate Marketing වගේ ක්‍රම වලින් මුදල් ඉපැයීම බොහොම පහසු වැඩක්. මේ නිසාම ලෝකයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හිමිකරුවන් මේ SEO කියන දේ සදහා විශාල උනන්දුවක් දක්වනු ලබනවා. සමහර අවස්ථාවලදී මේ සදහා ඔවුන් විශාල මුදලක්ද ඔවුන් වියදම් කරනවා. මන්ද මේ SEO වලින් ලැබෙන වාසිය ඒ තරම් ප්‍රථිපල දායක නිසා.

ඊට පස්සේ අපි බලමු ඔබේ වෙබ් අඩවියට ගැළපෙන හොදම key word හොයාගන්නේ කොහොමද කියල

Google කියන්නේ ලොව හොදම හා ජනප්‍රියම සෙවුම් යන්ත්රය (Search Engine) කි , එහිදී ඔබ ඇතුලත් කරන යම් වචනයක් ( Search Term) එකක් සදහා මිලියන ගණනක ප්‍රථිඵල ලැබෙනව .ඉතින් මේ වගේ මිලියන ගණනක් ප්රථිපල තිබෙන විට Google විසින් අදාල වෙබ් අඩවි 1,2,3...ලෙස Rank කරන්නේ කොහොමද දන්නවද . මෙහිදී Google විසින් විශේෂිත Algorithm ක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. මෙහිදී යම්කිසි වෙබ් අඩවියක් අදාල Keyword එකක් සදහා Rank වීමේදී ඒ සදහා බලපාන්නා වූ සාධක රැසකි. ඒවා පහත ලෙස ප්‍රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.

01. වෙබ් අඩවිය තුළ අදාල Keyword එක සදහා ගැලපෙන තොරතුරු නිසියාකාරව ඇතුලත්ව තිබීම හා වෙබ් අඩවිය තුළ පරිශීලකයාට පහසුවෙන් හැසිරිය හැකි වීම.

02. අදාල වෙබ් අඩවිය සදහා අන්තර්ජාලය තුළ ඇති කීර්ති නාමය.
Keyword List එක සකසා ගැනීමෙන් අනතුරුව  කළ යුත්තේ අදාල Keywords වෙන වෙනම විශ්ලේෂණයට (Analise) භාජනය කිරීමයි. එම විශ්ලේෂණ වලදී  පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය
  • අදාල Keyword එක සදහා Search Engine Results Page වල ඔබගේ වෙබ් අඩවිය පිහිටා ඇති ස්ථානය.
  • සෙවුම් යන්ත්‍රරයක අදාල Keyword එක පසුගිය සතිය/මාසය/වසර තුළ කෙතරම් සොයා බලා ඇත්ද යන වග.
  • අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද යන වග.
  • අදාල Keyword වලට අදාලව මුල් ස්ථාන ගන්නා වෙබ් අඩවි හා ඒවා කෙතරම් ජනප්‍රියද ශක්තිමත්ද යන වග.
  • අදාල Keyword එක කාලය අනුව ජනප්රිය වෙමින්(Trending)යන හෝ ජනප්‍රියතාව පහළ බසිමින් යන එකක්ද යන වග.
  • අදාල Keyword එක වැඩිම සොයන්නේ කුමන රටක හෝ ප්‍රදේශයක අයද යන වග
මෙම ඉහත සදහන් කළ විශ්ලේෂණ හා මේවාට අමතරව තවත් තොරතුරු ලබාදෙන නොමිලේ ලබාදෙන හා මුදල් වියදම් කර සේවා ලබාගත හැකි Online Tools හා Keyword Research Software රැසක් අන්තර්ජාලය තුළ ඇත.
නොමිලේ ලබාගත හැකි සේවාවන්.

Google Adword Keyword Planner
Google Trends
Google Correlate
IMforSMB Bulk Keyword Generator
Keyword In

මුදල්ගෙවා ලබා ගත හැකි සේවාවන්.
SEMrush
Longtail PRO
Buzzsumo
SERPwoo
Market Samurai

Related Posts:

  • අද ඉගෙනගමු big data ගැන big  data  ගැන දැනගන්න කලින් අපි බලමු data  එහෙම නැත්තම්  දත්ත කියන්නේ මොනවටද කියල . දත්තයක් කියන්නේ computer  එක මගින් operate  කරන characters  , quantities  එහෙම නැත්තම් symbols&… Read More
  • අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ JIRA Software එක ගැන ඇත්තටම මේ jira කියන tool  එක develop  කලේ Australian  company  එකක් වන Atlassian   මගින් .මේ tool  එක පාවිච්චි කරන්නේ bug track කරන්න , issues track  කරන්න වගේම project  mana… Read More
  • Ubuntu Operating System ubuntu කියන්නේ linux based  වුනු operating  system  එකක් .ඒක design කරලා තියෙන්නේ computers  වලට විතරක් නෙමෙයි smartphones ,network services වලටත් එය design කරලා තියනවා . මේ system  එක develop  … Read More
  • අද ටිකක් interesting topic එකක් බලමු නේද . එහෙනම් IT Project Management ඉගෙනගමු ඉස්සෙල්ලා බලමු මොකද්ද project  එකක් කියන්නේ කියල .   Project  එකක් කියන්නේ  unique  product  එකක්  හරි service  එකක් හරි  result  එකක් හරි ලබා දීමට තාවකාලික ලබාගත් දෙය… Read More
  • Business Analysis Process ගැන බලමු ඕනෑම Business  Analyst කෙනෙක්ට  project  එකක්  ලැබුනම තියෙන ලොකුම challenge    එක තමයි  කොහොමද පටන් ගන්නේ කොහෙන්ද පටන් ගන්නේ කියන එක . ඒ වගේම මොන වගේ deliverables ද create  කරන්න ඕ… Read More

0 comments:

Post a Comment