Friday 7 December 2018

අද මන් Testing Management ගැන කියල දෙන්නම් .

 Test  Management    කියන්නේ project  goal  වලට යන්න කරන්නා වූ වැඩ පිළිවෙලක් . එනම් planning ,Execution ,Monitoring & controlling  කරන්නා වූ ක්‍රම වේදයක් . උදාහරණයක් විදියට මෙහෙම හිතමු . ඔයාගේ company  එක Banking  website  එකක් හදනවා කියල හිතමුකෝ . මේක තමයි ඔයාලගේ company  එක මෙතෙක් ලබා ගත්ත ලොකුම project  එක කියල හිතන්නකෝ . ඒ නිසා boss  ට ඕන මේ project  එක highest quality  එකෙන් නිර්මාණය කරන්න . ඒක කරන්නේ කොහොමද ?ඒක  හරියට Quality  එකට කරන්න manage කරන්නේ කොහොමද කියල තමයි අද මන් කියන්න යන්නේ.

ඉතින් development team  එක මහන්සි වෙලා project  එක කරනවා .දැන් තියෙන්නේ මේක server  එකට setup  කරන එකයි .  නමුත් ඔවුන්ට  විශ්වාස නෑ  කොච්චර  effective  වෙඉද කියල මේ project එක . ඉතින් ඔයාගේ boss  ඔයාව  test  manager විදියට පත් කරනවා . ඔයාගේ  කාර්යය තමයි customer  ට  deliver  කරන්න කලින් website  එකේ quality  එක verify  කිරීම සහ evaluate  කිරීම . ඉතින් මේ testing  management  වලදී testing  process  එක organize  කිරීම සහ control කිරීමත් , visibility ,traceability තහවුරු කිරීම සිදු කරයි .

ඇත්තටම ඇයි Test  Manager  කෙනෙක් අවශ්‍යය

testing process  වල තියන කාර්යන් සම්පුර්ණ කරන්න test  manager  අවශ්‍යය  වෙනවා .ඒ කිවේ මෙහෙමයි . මන් පහලින් පෙන්නලා තියෙනේ Waterfall  model  එකේ phases  ටික . ඒ phases වලත්  අනිවාර්ය අංගයක් තමයි  Testing  කියල කියන්නේ.

1. Requirement - product  එක අවශ්‍යය   විදියට නිම  කිරීමට needs  ,  conditions  තීරණය කරයි  .
2. Design  - Customer ගේ අවශ්‍යතාවට සුදුසු system  එක design  කරයි  
3. implementation - software  Engineers  project එකට implement  කරන source  code  write  කරයි .
4. Testing -  Program එකේ ඇති capabilities  සහ attributes evaluate  කිරීම 

testing  කියන එක key  element  එකක්  වෙන්න හේතුව තමයි quality , reliability , performance  තීරණය වන ප්‍රධාන සාධයක් තමයි Testing  කියල කියන්නේ .

දැන් බලමු Test  Manager  කෙනෙකුගේ roles  සහ responsible s 

අත්තටම  කියනවනම් project  එකේ success එක රැදිලා තියෙන්නේ Test Manager ගේ අතේ තමයි . ඒ අනුව Test Manager 
 
  1.  test team    එකක්  නිර්මාණය කිරීම සහ team  එක lead  කිරීම කරන්න ඕන . 
  2.  Product  එක release කලාට පසුව testing  කල යුතු  scope  එක define  කිරීම 
  3.  testing  කරන්න අවශ්‍ය resources සැපයීම සහ කළමනාකරණයෙන් යුතුව පාවිච්චි කිරීම 
  4.  product  එකට ගැලපෙන test  measurements ගැන team  එක දැනුවත් කිරීම 
  5.  testing  plan  සැකසීම සහ manage  කිරීම. 
හරි .. දැන් ඉතින් බලමුකෝ  test  management  වලදී  මුහුණ දෙන challenges  මොනවද කියල .

test manager කෙනෙක් වුනාම 

Test  Sufficient 
Test  Effectiveness  
Test  Efficiency
Test Progress
Product  Quality  ආදිය ගැන වග කියන්න වෙනවා .  

ඉතින් ඉහත කියපු  වගකීම් ඉටු කිරීමේදී අනිවාර්යෙන්ම challenges  වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා . ඒවා වලින් කිහිපයක් තමයි ,

  1. Test  කරන්න කාලය මදි වීම .
  2. Test  කරන්න අවශ්‍යය resources  ප්‍රමාණවත් නොවීම 
  3. Budget  එක ප්‍රමාණවත් නොවීම සහ  schedule එක tight  වැඩි වීම 
  4. Testing time  එක නිතරම එක place  එකක නෑ ,. නිතරම වගේ places  change  කරන්න සිද්ද වෙනවා 
  5. Check කරන්න සහ   validate  කරන්න requirements complex  වැඩි වීම . 
Test  Management  Phases  ගැන මන් කියන්නම් 




process  එකේ ප්‍රධාන කොටස් 2 යි .

  1. Planning   
  • Risk Analysis
  • Test Estimation
  • Test  Planning
  • Test Organization
      2. Execution
  • Test Monitoring & Controlling
  • Issue Management
  • Test Report & Evaluation

     Planning

  Risk Analysis


Risk  එකක් කියන්නේ  අනාගතයේදී ඇති  විය හැකි යැයි  සිතන  negative  results  ය. Test Manager  කෙනෙක්ට project  එකක් ලැබුනම ඉස්සෙල්ලම  කරන්න ඕන  දේ තමයි Risk  Analysis  කියන්නේ . හේතුව තමයි ඕනෑම project  එකක risk ඇති වෙන්න පුලුවන් . කලින්ම risk  හදුනාගැනීම සහ detection  කිරීම project  එකේ cost  එක save  කර ගැනීමටත් අනාගතයේ project  එක loss  වෙන්න  තියන අවාසියෙනුත් මිදෙන්නට උපකාරී වෙනවා . 

Test Estimation
Estimate  කිරීමේදී සිදු වන්නේ prediction  සිදු කිරීමක් . මේකෙදි ඇත්ත වශයෙන්ම සිද්ද වෙන්නේ task  එක complete  කරන්න කොච්චර කාලයක් ගත වනවාද යන්න නිර්ණය කිරීමයි . නිවැරදි test  estimation  එකක තියන වාසිය තමයි හොද plane  එකක් execution  එකක් monitor  එකක් කරන්න පුළුවන් වෙනවා .


Test Planning

Test plan එකේදී වෙන්නේ documentation එක describe කිරීමක් .ඒ අනුව Scope ,approach ,resources ,schedule    describe  කිරීමක් මෙහිදී සිද්ද වෙනවා . incomplete         test  plan  එකක් තිබීම project එකේ අසාර්ථකත්වයට බලපාන්න පුළුවන් . විශාල software  development  එකක් කරනකොට අනිවාර්ය අංගයක් තමයි මේ test  plan  කියන්නේ .software testing වලදී ,test plan  එක මගින් testing  information  ගැන මෙන්ම upcoming testing  ගැනත් සම්පුර්ණ තොරතුරු ගන්න පුළුවන් . එහිදී  test strategy , test objectives,suspension criteria , resource planing, test deliverable s  යන අංග ඇතුලත් වෙනවා . 


Test Organization

test plan එක ක්‍රියාත්මක කිරීමට test  Organization  එකක් අවශ්‍යය වෙනවා . 







0 comments:

Post a Comment