Thursday 15 November 2018

Software Quality Assurance ගැන ඔබ දැනුවත්ද

Software  Testing  කියන්නේ අපි develop  කරන software එකක් අඩුපාඩු තියනවද , (bugs ,errors )  කියල check  කරලා ඒකේ තියන අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලියයි 

ඉතින් ඇයි අපි මේ testing  කරලා ලොකු වෙහෙසක් වෙන්නේ .

ඇත්තම කියනවනම් bugs , errors  තියන software  එකක් අපි release කලොත් ඒකෙන් අපේ  clients ලට අපි ගැන හොද impression  එකක් දෙන්න බැරි වෙනවා . ඉතින් එහම උනහම එයාල  අපේ product එක ගැන සතුටු  වෙන්නේ  නැ . එහෙම උනහම එයාලට  අපි ගැන තියන   විශ්වාසය නැති වෙලා ගිහින් අපිත් එක්ක business කරන එක නැති වෙනවා .   එතකොට අපේ company  එකේ profit එක අඩු වෙලා අපේ company  එක bankrupt වෙන්නත් ඒක බලපානවා . 

අනික තමයි product  එක release  කලාට පස්සේ  software  bugs , errors  නිවැරදි කරනවා කියන්නේ ඉතා ලොකු වෙහෙසක් දරන්න වෙනවා වගේම ලොකු මුදලක් දරනන්ත් වෙනවා . time එකත් ගොඩක් spend  වෙනවා .

වඩා වැදගත් කාරණාව තමයි මේ නිසා ලොකු විනාශයන් සිද්ධ වෙලා ජිවිත දේපළ වලට හානි වෙන්නත් පුළුවන්. හොදම උදාහරණය තමයි 1994 china වල සිද්ධ වුන airplane crash එක. ඒකෙදි ජිවිත 264 විනාශ වුනා . හේතුව වුනේ ඒ software  එකේ තිබ්බ bug  එකක්.

 ඊලගට බලමු  කවුද මේ QA  testing  කරන්නේ කියල 
මේ testing  කරන කෙනාට කියන්නේ QA  tester  කියල .

එතකොට QA  කෙනෙක්ට තියෙන්න ඕන Skills  මොනවද ?

QA  කෙනෙක්ට Technical skills  මෙන්ම  Non  Technical  skills  තියෙන්න ඕන . ඊට අමතරව QA test background  එක ගැන හොද knowledge  එකක් තියෙන්නත්  ඕන .
  
එයා මොනවද කරන්න ඕන   දේවල් 

  • මුලිකම දේ තමයි requirements  ගැන හොද අවබෝධයක් එයාට තියෙන්න ඕන .
  •  Test cases නිර්මාණය කිරීම 
  • Test  cases  Execute  කිරීම 
  • Bugs report කිරීම සහ නැවත නැවත bugs  test  කිරීම 
  • Review  meeting  වලට සහබාගි වීම .
ඊට  කලින් බලමු test  cases කියන්නේ  මොනවද කියල . මන්  සරලව මෙහෙම විස්තර කරන්නම් .පෑණක  Test Cases  තමයි
  •  පෑණ  boll point  ද gel ද ink ද යන වග verify කිරීම .
  • පෑනෙ  outer body material  එක plastic ද  එහෙම නැත්තම් වෙනත්  material එකක්ද කියල verify කිරීම .
  • පෑණෙ size එක සහ weight  එක verify  කිරීම .
  • පෑණෙ  තියෙන්න ඕන rubber grip  එකක්ද නැද්ද යන්න verify  කිරීම 
  • පෑණ smooth ද නැද්ද යන්න verify  කිරීම


මේ Testing  කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා .
1.Manual  Testing 
2. Automation  Testing 
  
Manual  Testing  වලදී වෙන්නේ කිසිම tool  එකක් භාවිත නොකරමින් මිනිසාගේ මැදිහත් වීමකින් පමණක් manually test  case execute කිරීම . මේකෙදි කිසිම automation  tool  එකක් පාවිච්චි  කරන්නේ නැ . මේකේ තියන වාසිය තමයි මේ ක්‍රමය ඉතා පහසු ක්‍රමයක් වීම . අවාසිය තමයි  මේක හරිම boring වගේම නැවත නැවත test  කර කර බලන්න වෙනවා . සමහර අවස්ථා වලදී errors  මග හැරෙන්නත් පුළුවන් .

 Automation  Testing වලදී වෙන්නේ manually test  නොකර automation  tools  පාවිච්චි කරමින් testing  කිරීමයි .එතකොට test  cases  execute  කිරීමට tools  පාවිච්චි කරනවා . මේකෙන් වෙන වසිය තමයි human  interaction  එකකින්  තොරව සිදුවන නිසා errors මගහැරෙන්නේ නෑ .අනික අවසානයේ සවිස්තරාත්මක report  එකක් generate කරන්නත් පුළුවන් වෙනවා .


Automation  tools  වලට උදාහරණ තමයි 
  1. Tricentis
  2. Mabl
  3. Selenium
  4. QTP
  5. Rational Functional Tester
  6. WATIR
  7. Skilk Test
මේකේ ඉතුරු කොටස ලගදීම බලපොරොත්තු  වන්න......

0 comments:

Post a Comment