Thursday, 8 November 2018

පරිගණක ජාල ගොඩනගන ආකාර

 


පරිගණක ජාල ප්‍රධාන ආකාර කිහිපයකට පවතී .මෙය Network Topology ලෙස හදුන්වයි. මෙලෙස ජාල නිර්මාණය කිරීමට ක්‍රම කිහිපයක් භාවිත කිරීමට හේතු වනුයේ ඒ උදෙසා යෙදිය යුතු සම්පත් ප්‍රමාණය හා එයින් බලාපොරොතු වන කාර්ය අනුවයි .මේ එක එක ක්‍රමයේදී දත්ත හුවමාරු වන ආකාරයන්හි වෙනස්කම් පවතී .


1. Star Network Topology

මෙම ක්‍රමයේදී හබ් එකක් උපයෝගී කර ගනිමින් ප්‍රධාන පරිගනයකයක් මුල් කර ගනිමින් ඒ වටා තරුවක ආකාරයට සියලු උපාංග සවි කරනු ලබයි .මෙම තාරකා ආකාර ජාල තාක්ෂණයේදී ජාලය හරහා සිදුවන සන්නිවේදනයක් ප්‍රදාන පරිගණකය (මෙය Host හෝ server කම්පියුටර් ලෙස හැදින් වේ )හරහා සිදු වේ .ප්‍රධාන පරිගණකයෙන් සේගෙන වා ඉල්ලා සිටින clients පරිගණක කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය ක්‍රියාත්මක වනුයේ මෙම තක්ෂණය උපයෝගී කර ගෙනය .

2. Bus Network Topology

සීමිත පරිගණක ප්‍රමාණයක් උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාල විශේෂයකි . මෙහිදී එක් පරිගණකයක් ප්‍රධාන කිරීමක් හෝ පණිවුඩ අනෙක් පරිගණක වෙත යොමු කරන උපාංග භාවිත නොවේ .සියලු උපාංග පොදු එකම ලයින් එකක් තුලට සම්බන්ද වෙයි .සෑ ම පරිගනකයක්ම server පරිගණකයක් ලෙස හා client පරිගණකයක් ලෙසද ක්‍රියා කරයි.මෙය ඉතා අඩු මිලකින් ගොඩනැගිය හැකි ජාලයක් වන අතර එහෙත් විශාල ජාලයක මෙය එතරම් පොදු ක්‍රමයක් නොවේ .

3. Ring Network Topology

එක් එක් පරිගණකය එකින් එකට සම්බන්ද වන ආකාරයට මෙම ජාලය ගොඩනගනු ලබයි .මෙහිදීද කිසිදු පරිගණකයක් මුලික නොවන අතර server හා client යන දෙකෙහිම කාර්යන් එක එක පරිගණකය මගින්ම සිදු කල හැකි වේ . මෙහිදීද එක පරිගනකයක සිට අනික් පරිගණකය වෙත තොරතුරු ගමන් කිරීමේදී කිසිම පරිගණකයක් මගහැර යා නොහැකිය .

4. Hierarchical Network Topology

ප්‍රධාන පරිගණකයට තවත් ප්‍රධාන පරිගණක කිහිපයක් සම්බන්ධ කරයි .එම පරිගණකයේ සිට පහලට පරිගණක සම්බන්ධ වේ . ප්‍රධාන පරිගණකයට පසු ඇති  පරිගණකයට ප්‍රධාන පරිගණකය ලෙස ක්‍රියා කරයි . මෙම ක්‍රමයේදී වඩාත් කාර්යක්ෂම main frame වැනි පරිගණක භාවිත කරයි .ආයතනයක් තුල එක එක අංශ සදහා වෙන වෙනම ජාල පවත්වාගෙන යාමට මෙය උපකාරී වේ .

5. Fully Connected network Topology

මෙම ජාල ක්‍රමයට සම්බන්ධ වී ඇති පරිගණක වලදී සියලුම පරිගණක තම තමන් තුල පවත්නා තොරතුරු සන්නිවේදනය කර ගනිමින් ක්‍රියාත්මක වේ .www මේ සදහා හොදම නිදසුනකි .
මෙම ක්‍රම කිහිපයට අමතරව තවත් පරිගණක ජාල ගොඩනැගීමේ ජාල ආකාර ගණනාවක් පවතී



images




  • Mesh Topology
  • Hybrid Topology
  • Dil Ring Topology
  • Linear Topology
ජාලයක් හා සම්බන්ධ කිරීම සදහා පරිගණකයට network interface Card (NIC )සවි කල යුතුය .
සාමාන්‍යයෙන් මෙම NIC තෝරා ගැනීමේදී network එකේ ස්වභාවය මත එය තෝරාගත යුතු වේ .එයට හේතු වනුයේ සොකට් වර්ග කීපයකින් මෙම කාඩ්පත් පැවතීමයි .

1.B.N.C. Connector

මෙම connector උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාලය මගින් සම්බන්ද කල හැකි පරිගණක සංඛ්‍යාව 30 කට වඩා අඩු විය යුතුය . මෙය සාමාන්යෙන් antenna වයර් එකකට සමාන තික් එධර් නෙට් නමැති රැහැන් මගින් ගොඩනගන ජාලයකි .මෙම රැහැන් 180m කට වඩා දිගින් වැඩි වුවහොත් දත්ත ගමන් කිරීම නිසි ලෙස සිදු නොවේ .

2. DIX (AUT)Connector

මෙය parallel port එකකි .Tran sceiver එකක් හරහා තික් එදර් නෙට් කේබලයට සම්බන්ධ කිරීම උදෙසා parallel port එකේ සිට train sceiver cable භාවිත වේ . මෙම ක්‍රමය මගින් 500m දිග සීමාවක් තුල පරිගණක 100m ක් පමණ සම්බන්ධ කල ජාලයක් ගොඩනැගිය හැකි වේ .

Related Posts:

  • අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ JIRA Software එක ගැන ඇත්තටම මේ jira කියන tool  එක develop  කලේ Australian  company  එකක් වන Atlassian   මගින් .මේ tool  එක පාවිච්චි කරන්නේ bug track කරන්න , issues track  කරන්න වගේම project  mana… Read More
  • අද ටිකක් interesting topic එකක් බලමු නේද . එහෙනම් IT Project Management ඉගෙනගමු ඉස්සෙල්ලා බලමු මොකද්ද project  එකක් කියන්නේ කියල .   Project  එකක් කියන්නේ  unique  product  එකක්  හරි service  එකක් හරි  result  එකක් හරි ලබා දීමට තාවකාලික ලබාගත් දෙය… Read More
  • අද ඉගෙනගමු big data ගැන big  data  ගැන දැනගන්න කලින් අපි බලමු data  එහෙම නැත්තම්  දත්ත කියන්නේ මොනවටද කියල . දත්තයක් කියන්නේ computer  එක මගින් operate  කරන characters  , quantities  එහෙම නැත්තම් symbols&… Read More
  • Business Analysis Process ගැන බලමු ඕනෑම Business  Analyst කෙනෙක්ට  project  එකක්  ලැබුනම තියෙන ලොකුම challenge    එක තමයි  කොහොමද පටන් ගන්නේ කොහෙන්ද පටන් ගන්නේ කියන එක . ඒ වගේම මොන වගේ deliverables ද create  කරන්න ඕ… Read More
  • Ubuntu Operating System ubuntu කියන්නේ linux based  වුනු operating  system  එකක් .ඒක design කරලා තියෙන්නේ computers  වලට විතරක් නෙමෙයි smartphones ,network services වලටත් එය design කරලා තියනවා . මේ system  එක develop  … Read More

0 comments:

Post a Comment