Thursday 15 November 2018

අද මන් ඔයාලට කියල දෙන්නේ Business Analyst ගැන ..

මොකද්ද මේ business analysis කියන්නේ ඇත්තටම .එතකොට කාටද business  analyst කියන්නේ  එහෙම  නැත්තම් BA කියන්නේ බලමු  

Business  එකක් analysis  කරනවා කියන්නේ company  එකේ තියන business   needs  problems      හදුනාගෙන එයට අවශ්‍ය solutions  දෙන එකටයි. ඒකට strategic plans , policy , risk assessment , feasibility  studies (marketing ,management , technical , financial , social -economic ) වගේ දේවල්  use  කරලා තමයි මේ analysis  කරන්නේ . එතකොට මේවා  කරන කෙනාට තමයි BA  එහම නැත්තම් business analyst කියන්නේ . ඇත්තම කතාව තමයි  මේ BA    ලේසි  පහසු  කෙනෙක් නෙමෙයි. එය නිකම් දැනුම් ගබඩාවක්  එහෙම නැත්තම් encyclopedia  එකක් වගේ වෙන්න ඕන . BA  කෙනෙක්ට මුළු company  structure  එක ගැන , business  overview  එක ගැන  වගේම , තමන්ගේ  company  එකට ලැබෙන හැම projects  එකක් ගැනම හොද knowledge  එකක් තියෙන්න ඕන .  

මුලික වශයෙන්ම BA  ක්‍රියා කරන්නේ   company එකයි  client අතරයි linkage  එකක් එහෙම නැත්තම් communication  media  එකක් විදියට . ඒ කිවේ client  කෙනෙක්  company  එකට project  එකක් දෙනවා කියල හිතන්න . එතකොට ඒ project  එක client  ගාවට ගිහින් company  එක represent   කරන්නේ BA .  එතකොට හැම client  කෙනෙක්ටම IT  knowledge  එක නැති වෙන්න පුළුවන් . එතකොට එයාල project  එක දෙද්දී එයලගේ idea  එක විතරයි කියන්නේ කිසිම technologically  දැනුමකින් තොරව . එන්නෙත් හෙම අවස්ථාවලදී BA  ගේ වගකීම තමයි Client  ගේ idea  එක හොදින් හදුනා ගෙන එයට ගැලපෙන business  solution  එකක් ඉදිරිපත් කිරීම . ඒ වගේම වැදගත් දේ තමයි client  requirements  මුලින් ඉදිරිපත් කලත් , පසුව වෙනස් වෙනස් requirement  ඉදිරිපත් කලත් ඒවා  realistic  ද attainable ද requirements  ගැලපෙනවද නැද්ද යන්න client  ට  ඉදිරිපත් කරන්නෙත් BA .ඊට පස්සේ client ගේ අවශ්‍යතාව නිවැරදිව documentation  කරලා project  team  එකට බාර  දීල guide  කරන්නේ වගේම අවසානය තෙක් monitor  කරලා final  outcome  එක client ට represent කරන්නෙත් BA . ඒ නිසා BA කෙනෙක්ට  හොද technical  knowledge  එකක් වගේම හොද leadership skill  එකක් තියෙන්න ඕන .   

ඉතින්  BA  කරන analysis  වලින් කිහිපයක් තමයි PESTLE ,SWOT ,MOST  analysis  කියන්නේ . මේවා කරන්නේ project  වෙනුවෙන් විතරක් නෙමේ මුළු company  business එක වෙනුවෙන්මයි . හේතුව BA  කියන  role එක එක සීමාවකට කොටුවෙච්ච එකක් නෙමේ . ඒ කිවේ Software  developer  කෙනෙක් ගත්තම එයාල කරන්නේ code  ගහන එක විත්රයි . Quality  Assurance ගත්තම එයාල කරන්නේ testing  කරන එක විතරයි . නමුත් BA ට මුළු company  එක ගැනත් business  එක ගැන වගේම project  ගැනත්  හොද අවබෝදයක් තියෙන්න ඕන . ඒ නිසා තමයි ඉහත කි analysis කිරීමේ වගකීම  BA ට ලැබිල තියෙන්නේ . ඒගැන මන් පොඩි විස්තරයක් දෙන්නම් .PESTLE analysis කරන්නේ  company එකට බලපාන external  factors ගැන හොයල බලන්න . 

Political  (government  laws , Business  policies affect  for  company )
Economic ( interest rate ...)
Social  ( Social  change , demographic ..)
Technological (innovation ,disruptive technology )
Legal  (employ  law , health law )
Environmental  (tax , pollution )

වගේ factors  company  එකට business  එකට බලපාන විදිය හොයන එක තමයි PESTLE  analysis  හරහා කෙරෙන්නේ .

SWOT  analysis  මගින් කෙරෙන්නේ internally වශයෙන් company  එකට බලපාන strength , weaknesses වගේම externally  බලපාන opportunity , threats  වගේ දේවල් හොයල බලල analysis  කරන එක තමයි SWOT  මගින් කෙරෙන්නේ .

  ඊලගට බලමු business analysis  වල තියන  ultimate goal  එක මොකද්ද   කියල .


analysis  කිරීම මගින් බලාපොරොතු වන මුලිකම දේ තමයි business  problems  වලට හොද  solution  එකක් ලබා දීම . එට අමතරව  future prediction දීම , risk analyse  කිරීම  ,wasting   අඩු කිරීම , හොද efficiency එකක් ලබා දීම , requirement  හොදින් හදුනාගෙන on time projects නිමා කිරීමටත් Business Analysis  use  කරනවා .

   එහනම් මේ වගේ ලොකු task  එකක් කරන්න BA  ට තියෙන්න ඕන Qualifications  මොනවද .
  BA කෙනෙක්ට හොද communication  skill එකක් තියෙන්න . විශේෂයෙන් English  oral වගේම writing knowledge   එකක් තියෙන්න ඕන . මන් ඉස්සෙල්ල කීව වගේ BA  වැඩ කරන්න ඕන client  සහ project  group  එක අතර communication  link  එකක් විදියට . ඒ වගේම එයට scope documentation ,  project  proposal , requirement  document  , user  document , වගේම charts වර්ග යොදාගෙන analysis  කරන්න ඕන නිසා හොද communication  knowledge  එකක් අවශ්‍ය වෙනවා .

BA කෙනෙක් client  ගාවට ගිහින් represent  කරන්නේ අපේ company  එය  . එයා මත  තමයි අපේ company එකේ තත්වය තීරණය වෙන්නේ . ඒ නිසා BA  කෙනෙක්ට හොද leadership  skill එකක් වගේම client  ලගට ගිහින් හොද විදියට presentation කරන්න හොද presentation skill  එකක් තියෙන්න ඕන .

 තව වැදගත් කාරණාව තමයි BA කෙනෙක් වෙන්න නම් හොද listening skill  එකක් නොහොත් හොද ඇහුම්කන් දීමේ හැකියාවක් තියෙන්න ඕන . මොකද කියනවනම් BA  නිතරම  එක එක වර්ගයේ clients  ල  සමග වැඩ කරන්න  සිද්ද වෙන  නිසා    හොද ඉවසීමක් තියෙන්න ඕන . හෙතුව  එක එක clients ල එක එක පරිසර තත්වයන්ගෙන් , සංස්‌කෘතයන්ගෙන් පැමිණෙන අය නිසා එයාලගේ හැසීරීම් රට විවිධ ස්වරූප ගන්න පුළුවන් . එතකොට BA කෙනෙක්ට මේ හැම කෙනාවම manage  කරගෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න හොද ඉවසීමක් අවශ වෙනවා .

BA  ට සම්බන්ධ තවත් දෙයක් තමයි Requirement life Cycle  කියන්නේ දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු .

එකේ පලවෙනි අවස්තාව තමයි requirement definition නොහොත් requirement  gathering කියන්නේ .මේ අවස්ථාවේදී වෙන්නේ BA  , clients  ගෙන්  requirement  gather  කරන එක . face  to  face  meetings, Calls ,questionnaires  හරහා මෙය සිදු කරයි .

ඊලග අවස්ථාව     තමයි validation  නොහොත්  requirements  වල validation  check  කිරීම .

ඊලග අවස්ථාව documentation  කිරීම . BA  plan  creation , scope document  නිර්මාණය ,proposal  නිර්මාණය මෙහිදී සිදු කරයි .
 
Requirement  management අවස්ථාවේදී  requirements monitor  කිරීම analysis  කිරීම සිදු කරයි .

ලග වැදගත් දේ  තමයි මේ කටයුතු කරන්න BA  යොදා ගන්න ටූල්ස් තමයි  World,  excel , MS Vision , power point , UML Diagrams  ,JEERA  ,SQL quarries  වගේ දේවල් .

0 comments:

Post a Comment