Thursday, 8 November 2018

Computer Networks

 

පරිගණක ජාලයක් යනු පරිගණක 2 හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ද කර ගොඩ නගනු ලබන පද්ධතියකි .පරිගණක ජාලය මගින් ප්‍රධන වශයෙන්ම අරමුණු වුයේ දත්ත එහා මෙහා ගමන් කරවීමයි .අද වන විට ජාලකරණය මගින් එයට වඩා විශාල වාසි රැසක් සලසෙයි .

1 . පරිගණයක පවතින දත්ත බාහිර ගබඩා මාධ්‍යක් හරහා ගෙන යාමකින් තොරව පරිගනකයට ලබා ගැනීම .

2. පණිවුඩ හුවමාරු උදෙසා භාවිත වන ඊ මේල් වීඩියෝ කන්ෆරන්සින් වැනි දියු නු හා වේගවත් තාක්ෂණික ක්‍රම මගින් පණිවුඩ හුවමාරු වේගවත් කිරීම .

3. එක් පරිගනයකට සම්බන්ද කර ඇති ප්‍රින්ටර් ,ස්කෑනර් ,සී .ඩී ධාවකයන් හෝ රයිටර් පරිගණක කීපයක් මගින් පොදුවේ පාවිච්චි කල හැකි වීම .

4. එක පරිගණයක ස්ථාපිත කර ඇති වැඩසටහන් එයට සම්බන්ධ කර ඇති අනිකුත් පරිගණක හරහ ක්‍රියාත්මක කල හැකි වේ එමගින් capacity ඉතිරි කර ගත හැකි වේ.

5.ආයතන හා වැදගත් තොරතුරු දිනපතා පරිගනකයක Backup ලෙස තබා ගැනීම උදෙසා ඉතා පහසුවෙන් දත්ත සන්නිවෙදනය කිරීම.

6. පරිගණකය තුල ඇති විවිද දත්ත එක පරිගනකයක සිට සිදු කරන වෙනස් කිරීමකදී සියලු පරිගණක තුල සංසොෂධනය වීමෙන් අක්‍රමිකතා වලක්වා ගත හැකි වීම .

පරිගණක ජලයේ අවාසි


1. පරිගනකයට ඇතුළු වන වෛරස් අනෙක් පරිගණකය තුලට ඇතුළු වී ඒවායේ ඇති දත්තයන්ට හානි සිදු කල හැකි වීම .

2.පරිගණක ජාලයේ ප්‍රධාන පරිගනයකයක් පවතී නම් එම පරිගණකය ක්‍රියා නොකරන විට සමස්ත ජාලයම අක්‍රිය වීම .

3.ජාලයේ ඇති වන කාර්මික දෝෂ මත දත්ත ලබා ගැනීමේ ගැටළු මතු වීම .

4. පොදුවේ භාවිත කිරීම උදෙසා එක පරිගනයකයක් තුලට ස්ථාපනය කර ඇති වැඩසටහන් කියා නොකරන අවස්ථාවකදී කිසිදු පරිගනයකින් එම වැඩසටහන ක්‍රියාත්මක කල නොහැකි වීම .

පරිගණක ජාලයක පවතින අංග


පරිගණක ජලාක් යනු වෙන වෙනම පවත්නා උපාංග එකට එක් කිරීමකි . මෙලෙස ජාලයකට සම්බන්ද කෙරෙන උපාංග Node ලෙස හදුන්වයි.

1 Serverce : හවුලේ ප්‍රයෝජනයට ගන්නා මෘදුකාංග සම්පත් ගබඩා කර ඇති ප්‍රධාන පරිගනකයයි .

2.Clients :හවුලේ ප්‍රයෝජනයට ගනු ලබන මෘදුකාන්ග හෝ files ඉල්ලා සිටිනු ලබන පරිගණක.

3.Modem:දුරකථන මාර්ගයක් උපයෝගී කර ගනිමින් පරිගණක 2ක් අතර සම්බන්ධතාවක් ගොඩනැංවීම උදෙසා මෙම උපාංගය අවශ්‍ය වේ.

4.Hub:ජාලයකට අලුත් පරිගණක සම්බන්ද කිරීමත් දැනට ජාලය හා සම්බන්ද වී ඇති හා නැති පරිගණක හදුනා ගනිමින් දත්ත හුවමාරු පවත්වාගෙන යෑමත් මෙම උපාංගය මගින් සිදු වේ .

5.Switch:හබ් එකක කාර්යම සිදු කරන මෙමෙ උපාංගය වඩාත් වේගවත්ම හා කාර්යක්ෂම වේ

6.Bridge:පරිගණක ජාලයක පවත්නා . තදබදය අවම කිරීම සදහා ජාලය කොටස් වලට වෙන්කර මෙම උපාංග යොදනු ලබයි .එමගින් දත්ත ගමන් කිරීම වේගවත් කල හැකි වේ. වෙන් වෙන්ව පවත්නා සමාන ජාල කිහිපයක් එක් කිරීම උදෙසා ද මෙය භාවිත කල හැකි වේ .

7.Gateway:වෙන් වෙන්ව පවත්නා සමාන ජාල අන්තර්ජාලය වැනි වෙනස් වෙනස් protocol සහිත ජාලයන් සමග සම්බන්ද කිරීමට මෙය උපකාරී වේ .මෙය මෘදුකාංග හරහා ගොඩ නැගිය හැකි වේ .

8.Router:විවිධ ජාල වල ඇති පරිගණක එකිනෙක සමග සන්නිවේදනය කල හැකි ලෙස එකට සම්බන්ද කරනුයේ රවුටරයක් මගිනි. මෙය විශේෂ network මොඩියුලයක් හෝ network කාඩ් කිහිපයක් සවිකළ පරිගණකයක් විය හැකිය .

9.Repeater: පරිගණක ජාලයක් විශාල වන විට ඇතිවන signals වේගවත් කිරීම උදෙසා මෙය උපකාරී වේ .

ජාලයක් පවත්වාගෙන යාමේදී ජාලයේ ක්‍රියාකාරකම් පාලනය කිරීම උදෙසා විශේෂිත ජාල ප්‍රොටෝකෝලයක් පැවතිය යුතුය .එසේම ජාලකරණය උදෙසා සහය දක්වන මෙහෙයුම් පද්ධතියක්ද අනිවාර්යෙන්ම පැවතිය යුතුය .

Related Posts:

  • අද අපි බලමු ගේම් ඩිවලප්මන්ට් කරන්නේ කොහොමද කියලා ගේම් ඩිවලප්මන්ට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ . 1. 2D ඩිවලප්මන්ට් 2 .3D ඩිවලප්මන්ට් 3D ගේමස් නිර්මාණය කිරීම සදහා 2D ගේම් ඔබ්ජෙක්ටිව්ස් මෙන්ම AR /VR ටුල්ස් යොදා ගනී . එසේම unity /unrially /cryengin යන ටුල්ස් යො… Read More
  • About us We are creative innovative company with multidisciplinary design & innovative studio And having a group of young and passionate people who see the world from different angle.We are diverse in thoughts & creativity… Read More
  • මොනවද මේ angular කියන්නේ angularjs කියන්නේ dynamic web pages සදහා තියන structural framework එකකට .මෙය java script based වුනු open source front end වෙබ් ඇප්ලිකේෂන් framework එකක් වන අතර ගූග්ලේ මගින් maintain කරයි.Angular ප්‍රධාන කොටස් 2කට බෙදේ. … Read More
  • Data base කියන්නේ මොනවද බලමු පුළුල් පරාසයක විහිදෙන  දත්ත සමුහයක් , යම්කිසි කාර්යයකට හැසිරවීම ලෙහෙසි පහසු දෙයක් නොවෙ.මෙවැනි  අවස්ථාවාල දී  Database යොදා ගැනීමෙන්  දත්ත ගබඩා කිරීම,  ආපසු ලබා ගැනීම සහ වෙනස්‌ කිරීම වඩාත් … Read More
  • අද අපි android ගැන ඉගෙන ගමු Android කියන්නේ open source වගේම linux based,mobile devices සදහා තියන operating system එකක් .උදාහරණයක් වශයේන් smart phones , tablets computer වගේ.Android මුලින්ම develop කලේ Open Handset Allience කියන කෙනා අතින්. ඔහු&… Read More

0 comments:

Post a Comment