Wednesday 28 November 2018

අද ටිකක් interesting topic එකක් බලමු නේද . එහෙනම් IT Project Management ඉගෙනගමු

ඉස්සෙල්ලා බලමු මොකද්ද project  එකක් කියන්නේ කියල . 


 Project  එකක් කියන්නේ  unique  product  එකක්  හරි service  එකක් හරි  result  එකක් හරි ලබා දීමට තාවකාලික ලබාගත් දෙයක් . ඉතින් මේ project  එකක් temporary  කියන්නේ ඇයි  දන්නවද . හේතුව තමයි project  එකකට නිශ්චිත ආරම්භක දිනයක් සහ අවසන් දිනයක් තියනවා . තව දෙයක් තමයි     project  එකක් unique  කියන්න හේතුව තමයි project  එකක් එහි අවසන් goal  එකකට  යන්න  design  කරපු නිශ්චිත operation  ක්‍රියාවලියක් තියනවා.

මන් දැන් කියන්නම් project  එකකට තියන ලක්ෂණ මොනවද කියල .

  • නිශ්චිත අරම්භක සහ අවසන් දිනයක් තියනවා 
  • end  point  එකට ලගා උනාම project  එක අවසන් වෙනවා . 
  • project  එකකින් නිතරම බලාපොරොත්තු වෙන්නේ අලුතින් දෙයක් නිර්මාණය කිරීමක් .
  • project  එකකින් customers  ගේ මෙන්ම stakeholders ලගේ requirements ඉටු වෙන්න ඕන .
එතකොට project management කියන්නේ project  එකක් අවසාන goal  එකකට යන්න නිවැරදී planning ,organizing ,motivating  සහ controlling කිරීමේ ක්‍රියාවලියයි . project management  කිරීමේදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය තමයි project goals  සහ objectives  වලට යාමට scope ,time ,quality ,cost  නිවැරදිව කළමනාකරණය කරන එක .


project management කියන සංකල්පය මුලින්ම හදුන්වා දුන්නේ 1950 මුල්  දශකයේය .ඒකට හේතුව තමයි project  එකක් කිරීමේදී නිවැරදිව කාර්යන් පෙළගස්වා  කිරීමේ වාසි  ඒ වෙනකොට හදුනා ගෙන තිබීමත්  scope  , cost  ,time  යන tripal   constraints  manage නොකිරීමේ අවාසි හදුනාගෙන තිබීමත් නිසා .  project  management  මුලිකවම ගණුදෙනු  කරන areas  10 ක් තියනවා . ඒ තමයි 

Integration 
Cost
Human resources
Stakeholder management
Scope
Quality
Communications
Time
Procurement
Risk Management කියන ඒවා . 


project  එකක් සැකසීමේදී පහත සදහන් perspective  3 ගැන සැලකිලිමත්  වෙන්න ඕන . හේතුව එම areas  3 මුළු project එකේ සම්පුර්ණ process එකම cover කරනවා . 

  1. project  එක කොහොමද organization එකට fit  වෙන්නේ 
  2. කොහොමද project  එක කාලයත් සමග develop  වෙන්නේ 
  3. project එකක් success  ව කරගෙන යාමට මොන වගේ skills ද අවශ්‍ය වන්නේ  

Project Management life cycle එක බලමු දැන් . 



projects management life cycle එක කියන්නේ projects goals සහ objectives වලට යාමට උපකාරීවන activities කිහිපයක් . project  එකකට  විවිධ  sizes  තියෙන්න පුළුවන් . විවිධ dimensions , levels  තියෙන්න පුළුවන් . project  එකක් කුඩා හෝ විශාල වෙන්න පුළුවන් . මේ මොන තත්වයක   තිබ්බත් project  එකක් මේ life cycle  එකේ විදියට map  වෙන්න ඕන .life  cycle  එක අවධි 5ක් තියනවා .
  1. initial phase 
  2. planning  phase 
  3. Execution  phase 
  4. Monitoring & Controlling 
  5. closing  phase .


Initial Phase

project එකක මුලාරම්භය  මෙයයි . මෙම අවධියේ මුලික goal  එක තමයි  project  එක accomplish වෙන්න ඕන විදිය නිවැරදිව design කරන එක . ඉතින් මෙම අවධියේ මුලික මුලික activities  2ක් තියනවා . 
1. Stakeholders හදුනා ගැනීම 
2 .project charter  develop  කිරීම .

project  charter  එක කියන්නේ project  එකට සම්බන්ධ සියලුම information ඇතුලත් කරලා තියන document එක . project  charter  එක approve වුනාම එය officially  authorized   විදියට සලකනවා .

project  charter එකක ඇතුලත් අංග 

  • Project goals
  • Project constraints and Problem statements
  • Assign project manager
  • Stakeholder list
  • High-level schedule and budget
  • Milestones
  • Approvals
stakeholders  කියන්නේ project එකට    internally   හරි externally  හරි බලපෑම් කල හැකි අයයි .

internally  :employees , managers  , project  team 
externally :Government  , clients 



Planning phase

planning phase එකේදී මුළු project එකේ මුළු process එකෙන් 50% කම cover  කරනවා . project  scope  එක සහ objectives determine කරන එක තමයි මුලිකවම මේ අවධියේදී සිදු වන්නේ . මේ අවධියේදී WBS  එක නිර්මාණය වෙනවා . WBS  කියන්නේ Work Breakdown Structure නොහොත් overall  task  එක කොටස් වලට break  කිරීම . 


Execution Phase

මෙම අවධියේ දී සිදු කරන්නේ planning phase  එකේදී define කරපු plans ක්‍රියාත්මක කරන එක .මෙමෙ අවධිය life cycle  එකේ තියන විශාලතම  කාලය වැඩිපුරම ගතවන අවධිය ලෙස සැලකෙනවා .
ඊට අමතරව execution අවධියේදී project management plan එක Direct &manage  project  execution , task  assignments executions  සහ progress  status meetings පැවැත්වීමත් සිදු වෙනවා .


Monitor & control phase

execution  phase  එකට පසුව project එක  right track එකේද නැද්ද යන්න මෙම අවදියේදී monitor කිරීම සිදු කරයි . මෙම අවධිය තුලදී  changes සිදු කිරීම project  performance enhance කිරීමද සිදු වේ . deliverable project plan  එකට අනුව සිදුව ඇතිද යන වග නිරීක්ෂණය කර අඩුපාඩු නිවැරදි කිරීම සිදු කරයි  . ඒ අනුව   Change requests ,Project management plan updates ,Project document updates යනාදී  මෙහිදී සිදු වේ  .

Closing  Phase

මෙම අවධියේදී  project  එක objectives achieve කරමින් අවසන් අවස්ථාවට එනවා .ඒ කියන්නේ මේ අවධියේදී project  එක client , stakeholders ලගේ requirements fulfill කරමින් අවසන් goal  එකට පැමිණෙනවා .

දැන් බලමු project  management ethics මොනවද කියල . 

project  එකක් develop අපට විවිධාකාර මිනිසුන් groups   සමග ගණුදෙනු  කරන්න සිද්ද වෙනවා . එහිදී responsibility කියන දේ ඉතා වැදගත් වෙනවා .මොකද group එකක් එක්ක වැඩ කරද්දී හැමෝම project එකේ responsibility  එක  බාර ගෙන  තමන්ට පැවෙරෙන  task  එක නියමිත පරිදි ඉටු කරන්න ඕන .ඒ විතරක් නෙමෙයි හැම කෙනාටම respect කරන්න පුරුදු වෙන්නත් ඕන .ඒ වගේම honest  වෙන්නත් ඕන සහ හොද ඉවසීමක් තියෙන්නත් ඕන . හේතුව විවිධ stakeholders සමග ගණුදෙනු කරන්න සිද්ධ වෙනවා . මේ ethics නැති වුනාම ඒක project  එක failure  වෙන්න හේතුවක් වෙනවා .



Risk Analysis Management


Project risk analysis වලදී සිදු වන්නේ risk management planning , analyse  risk , identify risk  සහ  risk control කිරීමයි .  
plan risk management  -වලදී සිදු වන්නේ risk management activities project එක සදහා බලපාන ආකාරය define  කිරීමයි . 
Identify risk - වලදී project  එකට මොන වගේ risk  බලපායිද යන්න හදුනා ගනී .
risk  analysis  වලදී risk ඇතිවන ක්‍රම හා මාර්ග හදුනා ගැනීමත් 
risk control වලදී එම මාර්ග වලක්විමත් සිදු වේ .










0 comments:

Post a Comment