We are expertise of Game Development

we renderd unique and distinguished 2D and 3D game development with the virtual reality as well as augmented reality,manipulating use of unreal, paper 2D,construct 2, unity ,aditionally AR and VR tools. With the purpose of offering better service ,furthermore we are developing advanced image process prioritizing deep learning concept equelly innovative and creativity concept.

We provide distinguished services for web development

We provide distinguished and interactive web development services specializing latest technologies , innovation , creativity , AI and deep learning ,SQL, Dotnet,Html5,PHP,Azure,jquery,e commerce engine etc. utilizing to provide platform to create backend and frontend of web services.

Unique services for Application Development

We are the expertise of mobile development for both android and IOS platforms with the highest quality and the attractive user interface.To ensure uniquness of the product we are exploiting Artifitial Intelligent, UI,UX designing furthermore machine learning techniques providing IOT solutions too.

Digital Marketing Campaign provider

With the purpose of customizing our dynamic platforms and processing capabilities we are enhancing digitalization which making videos ,image postings, creative writing , fb postings ,animations ,visualization and creative designings.

AI and IOT solutioner

To customize AI based solutions like machine and deep learning will help to automate an operation secure and IOT solutions will let you gather big data without any hassle.

Wednesday 28 November 2018

අද ටිකක් interesting topic එකක් බලමු නේද . එහෙනම් IT Project Management ඉගෙනගමු

ඉස්සෙල්ලා බලමු මොකද්ද project  එකක් කියන්නේ කියල . 


 Project  එකක් කියන්නේ  unique  product  එකක්  හරි service  එකක් හරි  result  එකක් හරි ලබා දීමට තාවකාලික ලබාගත් දෙයක් . ඉතින් මේ project  එකක් temporary  කියන්නේ ඇයි  දන්නවද . හේතුව තමයි project  එකකට නිශ්චිත ආරම්භක දිනයක් සහ අවසන් දිනයක් තියනවා . තව දෙයක් තමයි     project  එකක් unique  කියන්න හේතුව තමයි project  එකක් එහි අවසන් goal  එකකට  යන්න  design  කරපු නිශ්චිත operation  ක්‍රියාවලියක් තියනවා.

මන් දැන් කියන්නම් project  එකකට තියන ලක්ෂණ මොනවද කියල .

  • නිශ්චිත අරම්භක සහ අවසන් දිනයක් තියනවා 
  • end  point  එකට ලගා උනාම project  එක අවසන් වෙනවා . 
  • project  එකකින් නිතරම බලාපොරොත්තු වෙන්නේ අලුතින් දෙයක් නිර්මාණය කිරීමක් .
  • project  එකකින් customers  ගේ මෙන්ම stakeholders ලගේ requirements ඉටු වෙන්න ඕන .
එතකොට project management කියන්නේ project  එකක් අවසාන goal  එකකට යන්න නිවැරදී planning ,organizing ,motivating  සහ controlling කිරීමේ ක්‍රියාවලියයි . project management  කිරීමේදී මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය තමයි project goals  සහ objectives  වලට යාමට scope ,time ,quality ,cost  නිවැරදිව කළමනාකරණය කරන එක .


project management කියන සංකල්පය මුලින්ම හදුන්වා දුන්නේ 1950 මුල්  දශකයේය .ඒකට හේතුව තමයි project  එකක් කිරීමේදී නිවැරදිව කාර්යන් පෙළගස්වා  කිරීමේ වාසි  ඒ වෙනකොට හදුනා ගෙන තිබීමත්  scope  , cost  ,time  යන tripal   constraints  manage නොකිරීමේ අවාසි හදුනාගෙන තිබීමත් නිසා .  project  management  මුලිකවම ගණුදෙනු  කරන areas  10 ක් තියනවා . ඒ තමයි 

Integration 
Cost
Human resources
Stakeholder management
Scope
Quality
Communications
Time
Procurement
Risk Management කියන ඒවා . 


project  එකක් සැකසීමේදී පහත සදහන් perspective  3 ගැන සැලකිලිමත්  වෙන්න ඕන . හේතුව එම areas  3 මුළු project එකේ සම්පුර්ණ process එකම cover කරනවා . 

  1. project  එක කොහොමද organization එකට fit  වෙන්නේ 
  2. කොහොමද project  එක කාලයත් සමග develop  වෙන්නේ 
  3. project එකක් success  ව කරගෙන යාමට මොන වගේ skills ද අවශ්‍ය වන්නේ  

Project Management life cycle එක බලමු දැන් . 



projects management life cycle එක කියන්නේ projects goals සහ objectives වලට යාමට උපකාරීවන activities කිහිපයක් . project  එකකට  විවිධ  sizes  තියෙන්න පුළුවන් . විවිධ dimensions , levels  තියෙන්න පුළුවන් . project  එකක් කුඩා හෝ විශාල වෙන්න පුළුවන් . මේ මොන තත්වයක   තිබ්බත් project  එකක් මේ life cycle  එකේ විදියට map  වෙන්න ඕන .life  cycle  එක අවධි 5ක් තියනවා .
  1. initial phase 
  2. planning  phase 
  3. Execution  phase 
  4. Monitoring & Controlling 
  5. closing  phase .


Initial Phase

project එකක මුලාරම්භය  මෙයයි . මෙම අවධියේ මුලික goal  එක තමයි  project  එක accomplish වෙන්න ඕන විදිය නිවැරදිව design කරන එක . ඉතින් මෙම අවධියේ මුලික මුලික activities  2ක් තියනවා . 
1. Stakeholders හදුනා ගැනීම 
2 .project charter  develop  කිරීම .

project  charter  එක කියන්නේ project  එකට සම්බන්ධ සියලුම information ඇතුලත් කරලා තියන document එක . project  charter  එක approve වුනාම එය officially  authorized   විදියට සලකනවා .

project  charter එකක ඇතුලත් අංග 

  • Project goals
  • Project constraints and Problem statements
  • Assign project manager
  • Stakeholder list
  • High-level schedule and budget
  • Milestones
  • Approvals
stakeholders  කියන්නේ project එකට    internally   හරි externally  හරි බලපෑම් කල හැකි අයයි .

internally  :employees , managers  , project  team 
externally :Government  , clients 



Planning phase

planning phase එකේදී මුළු project එකේ මුළු process එකෙන් 50% කම cover  කරනවා . project  scope  එක සහ objectives determine කරන එක තමයි මුලිකවම මේ අවධියේදී සිදු වන්නේ . මේ අවධියේදී WBS  එක නිර්මාණය වෙනවා . WBS  කියන්නේ Work Breakdown Structure නොහොත් overall  task  එක කොටස් වලට break  කිරීම . 


Execution Phase

මෙම අවධියේ දී සිදු කරන්නේ planning phase  එකේදී define කරපු plans ක්‍රියාත්මක කරන එක .මෙමෙ අවධිය life cycle  එකේ තියන විශාලතම  කාලය වැඩිපුරම ගතවන අවධිය ලෙස සැලකෙනවා .
ඊට අමතරව execution අවධියේදී project management plan එක Direct &manage  project  execution , task  assignments executions  සහ progress  status meetings පැවැත්වීමත් සිදු වෙනවා .


Monitor & control phase

execution  phase  එකට පසුව project එක  right track එකේද නැද්ද යන්න මෙම අවදියේදී monitor කිරීම සිදු කරයි . මෙම අවධිය තුලදී  changes සිදු කිරීම project  performance enhance කිරීමද සිදු වේ . deliverable project plan  එකට අනුව සිදුව ඇතිද යන වග නිරීක්ෂණය කර අඩුපාඩු නිවැරදි කිරීම සිදු කරයි  . ඒ අනුව   Change requests ,Project management plan updates ,Project document updates යනාදී  මෙහිදී සිදු වේ  .

Closing  Phase

මෙම අවධියේදී  project  එක objectives achieve කරමින් අවසන් අවස්ථාවට එනවා .ඒ කියන්නේ මේ අවධියේදී project  එක client , stakeholders ලගේ requirements fulfill කරමින් අවසන් goal  එකට පැමිණෙනවා .

දැන් බලමු project  management ethics මොනවද කියල . 

project  එකක් develop අපට විවිධාකාර මිනිසුන් groups   සමග ගණුදෙනු  කරන්න සිද්ද වෙනවා . එහිදී responsibility කියන දේ ඉතා වැදගත් වෙනවා .මොකද group එකක් එක්ක වැඩ කරද්දී හැමෝම project එකේ responsibility  එක  බාර ගෙන  තමන්ට පැවෙරෙන  task  එක නියමිත පරිදි ඉටු කරන්න ඕන .ඒ විතරක් නෙමෙයි හැම කෙනාටම respect කරන්න පුරුදු වෙන්නත් ඕන .ඒ වගේම honest  වෙන්නත් ඕන සහ හොද ඉවසීමක් තියෙන්නත් ඕන . හේතුව විවිධ stakeholders සමග ගණුදෙනු කරන්න සිද්ධ වෙනවා . මේ ethics නැති වුනාම ඒක project  එක failure  වෙන්න හේතුවක් වෙනවා .



Risk Analysis Management


Project risk analysis වලදී සිදු වන්නේ risk management planning , analyse  risk , identify risk  සහ  risk control කිරීමයි .  
plan risk management  -වලදී සිදු වන්නේ risk management activities project එක සදහා බලපාන ආකාරය define  කිරීමයි . 
Identify risk - වලදී project  එකට මොන වගේ risk  බලපායිද යන්න හදුනා ගනී .
risk  analysis  වලදී risk ඇතිවන ක්‍රම හා මාර්ග හදුනා ගැනීමත් 
risk control වලදී එම මාර්ග වලක්විමත් සිදු වේ .










Monday 26 November 2018

අද ඉගෙනගමු big data ගැන


big  data  ගැන දැනගන්න කලින් අපි බලමු data  එහෙම නැත්තම්  දත්ත කියන්නේ මොනවටද කියල .

දත්තයක් කියන්නේ computer  එක මගින් operate  කරන characters  , quantities  එහෙම නැත්තම් symbols  වලට .මේවා  computer  එක තුල store  කරගන්නත් පුළුවන් ,  electrical  signals  වලට transfer  කරන්නත් පුළුවන් . 


Big data  වලට උදාහරණයක්  බලමුකෝ .

හොදම උදාහරණය Facebook .. සංඛ්‍යලේකන වලට අනුව  terabytes  500 ට වඩා වැඩි new  data ලබාගන්නවා Facebook database  එකට හැම දවසකටම . මෙපමණ data  ප්‍රමාණයක් generate වෙන්න හේතුව තමයි photos සහ videos upload කිරීම ,messages  හුවමාරුව ,comments කිරීම යනාදී සාධක .   
               
තවත් උදාහරණයක් තමයි New  York  Stock Exchange . එමගින් එක දවසකට new trade data ,1 terabyte පමණ ලැබෙනවා .

අනික  තමයි එක jet engine  එකකට flight  time  එක තුලදී මිනිත්තු  30 ක් ඇතුලත terabyte 10කට වැඩියෙන් generate කරන්න පුළුවන් .ඉතින් දවසකට flights දහස් ගානක් fly  කරනකොට data generation එක petabytes දක්වා reach  වෙනවා .    


ඉතින් දැන්ම න් හිතනවා මේ උදාහරණ හරහා big  data  ගැන පොඩි හරි අවබෝධයක් ඔයාලට  ලැබෙන්න ඇති කියල .

දැන් බලමු big  data  වල  categories  මොනවද කියල 

big  data  categories 3 කට බෙදන්න පුළුවන් .


  1.  Structured
  2. Unstructured
  3. Semi-Structured

Structured  Data

 stored  කරන්න පුළුවන් , access  කරන්න පුළුවන් , fix format එකකට process    කරන්න පුළුවන්  ඕනෑම දත්තයක් structured  data එකක් වේ . මේවයේ data  extend  එක ඉතා ඉහලයි . size  එක zettabyte  වගේ ඉතා ඉහල range  එකක් දක්වා තියනවා .

1021 bytes =  1 zettabyte ( one billion terabytes forms a zettabyte.)


An 'Employee' table in a database is an example of Structured Data

Employee_ID    Employee_Name           Gender    Department             Salary_In_lacs
2365        Rajesh Kulkarni           Male   Finance                      650000
3398       Pratibha Joshi                  Female    Admin                      650000
7465      Shushil Roy                 Male Admin                     500000
7500     Shubhojit Das                Male Finance                      500000
7699    Priya Sane                        Female Finance                   550000


Unstructured  Data 

ඕනෑම හදුනන්නැති    ස්වරුපයෙන් ඇති  දත්ත unstructured  data  ලෙස හදුන්වනවා . ඊට අමතරව මෙහි ඇති තව විශේෂත්වයක් වන්නේ size  එක නිරතුරුවම විශාල වෙනවා . මෙහි  heterogeneous data  source එකක් අන්තර්ගත වන අතර එය simple  text  files  , images  , videos  වල එකතුවකින් සැදී ඇත . 

උදාහරණයක් තමයි අපි google  එකකින් යමක් search  කලාම ලැබෙන output  එක unstructured  data  ස්වරුපෙන් තියෙන්නේ .



Semi  Structured  Data


structured සහ unstructured  එන ස්වරූප දෙකෙන්ම ඇති data  semi  structured  data  ලෙස හදුන්වනවා  .XML  file  එකක ඇති data  semi structured  ස්වරුපෙන් ඇති data  වලට උදහරනයකි .






Monday 19 November 2018

අද මන් ඔයාලට කියල දෙන්න යන්නේ JIRA Software එක ගැන




ඇත්තටම මේ jira කියන tool  එක develop  කලේ Australian  company  එකක් වන Atlassian   මගින් .මේ tool  එක පාවිච්චි කරන්නේ bug track කරන්න , issues track  කරන්න වගේම project  management  කටයුතු සදහාත්ය .මේ jira කියන නම හැදිලා තියෙන්නේ Japanese word  එකක් වන Gojira කියන වචනයෙන් වන අතරම එකේ තේරුම වුනේ   Godzilla . 

ඉතින් මේ tool  එකේ මුලිකම කාර්ය    තමයි   develop  කරපු software වල වගේම mobile  app  වලත් bug tracking  වගේම issues  tracking  කිරීම .Jira  dashboard එක ගැන කතා කරනකොට   issues    handle  කරන්න පහසු වෙන විදියේ features  සහ functions වලින් සමන්විත වෙනවා . Jira  schema එක workflows, issue types , custom fields , Screens ,field configuration , notifications , permissions  යනාදී වලින් සමන්විත වෙනවා . 

Issues Types
Jira  issues  types  පහත ලෙස වර්ග කරලා තියෙනවා . Sub tasks , technical  tasks  , bug  ..


jira  වල issue  types  sachems 2 ක් තියනවා .

 Default  issue  type scheme  :  අලුතින් නිර්මාණය වුනු issues automatically  මෙම scheme වලට  add  වෙනවා .
 Agile  scrum issue  type  scheme  : projects  සහ issues  related  agile  scrum  මෙය use  කරනවා .




මෙම issues  2ට අමතරව ඔයාලට  manually   ඔබේ requirement  පරිදි   add schemes කරන්න පුළුවන් .



jira  components

components   කියන්නේ project  එකක sub  sections  වලට .ඒවා පාවිච්චි කරන්නේ project  එක ඇතුලේ තියන issues කුඩා කොටස් වලට group  කිරීමටයි  . components add  කිරීම features  වලට break  කිරීම , teams  වලට modules  වලට sub projects    කඩා  ගැනීමද කල හැක . components පාවිච්චි කරමින් reports generate කිරීම statistics collect  කිරීම සහ dashboard  එකේ display  කිරීමද කල හැක .  

new  components  add  කිරීමට name , description , component  lead  සහ default assignee    fill  කිරීම මගින් කල හැක . 





Thursday 15 November 2018

අද මන් ඔයාලට කියල දෙන්නේ Business Analyst ගැන ..

මොකද්ද මේ business analysis කියන්නේ ඇත්තටම .එතකොට කාටද business  analyst කියන්නේ  එහෙම  නැත්තම් BA කියන්නේ බලමු  

Business  එකක් analysis  කරනවා කියන්නේ company  එකේ තියන business   needs  problems      හදුනාගෙන එයට අවශ්‍ය solutions  දෙන එකටයි. ඒකට strategic plans , policy , risk assessment , feasibility  studies (marketing ,management , technical , financial , social -economic ) වගේ දේවල්  use  කරලා තමයි මේ analysis  කරන්නේ . එතකොට මේවා  කරන කෙනාට තමයි BA  එහම නැත්තම් business analyst කියන්නේ . ඇත්තම කතාව තමයි  මේ BA    ලේසි  පහසු  කෙනෙක් නෙමෙයි. එය නිකම් දැනුම් ගබඩාවක්  එහෙම නැත්තම් encyclopedia  එකක් වගේ වෙන්න ඕන . BA  කෙනෙක්ට මුළු company  structure  එක ගැන , business  overview  එක ගැන  වගේම , තමන්ගේ  company  එකට ලැබෙන හැම projects  එකක් ගැනම හොද knowledge  එකක් තියෙන්න ඕන .  

මුලික වශයෙන්ම BA  ක්‍රියා කරන්නේ   company එකයි  client අතරයි linkage  එකක් එහෙම නැත්තම් communication  media  එකක් විදියට . ඒ කිවේ client  කෙනෙක්  company  එකට project  එකක් දෙනවා කියල හිතන්න . එතකොට ඒ project  එක client  ගාවට ගිහින් company  එක represent   කරන්නේ BA .  එතකොට හැම client  කෙනෙක්ටම IT  knowledge  එක නැති වෙන්න පුළුවන් . එතකොට එයාල project  එක දෙද්දී එයලගේ idea  එක විතරයි කියන්නේ කිසිම technologically  දැනුමකින් තොරව . එන්නෙත් හෙම අවස්ථාවලදී BA  ගේ වගකීම තමයි Client  ගේ idea  එක හොදින් හදුනා ගෙන එයට ගැලපෙන business  solution  එකක් ඉදිරිපත් කිරීම . ඒ වගේම වැදගත් දේ තමයි client  requirements  මුලින් ඉදිරිපත් කලත් , පසුව වෙනස් වෙනස් requirement  ඉදිරිපත් කලත් ඒවා  realistic  ද attainable ද requirements  ගැලපෙනවද නැද්ද යන්න client  ට  ඉදිරිපත් කරන්නෙත් BA .ඊට පස්සේ client ගේ අවශ්‍යතාව නිවැරදිව documentation  කරලා project  team  එකට බාර  දීල guide  කරන්නේ වගේම අවසානය තෙක් monitor  කරලා final  outcome  එක client ට represent කරන්නෙත් BA . ඒ නිසා BA කෙනෙක්ට  හොද technical  knowledge  එකක් වගේම හොද leadership skill  එකක් තියෙන්න ඕන .   

ඉතින්  BA  කරන analysis  වලින් කිහිපයක් තමයි PESTLE ,SWOT ,MOST  analysis  කියන්නේ . මේවා කරන්නේ project  වෙනුවෙන් විතරක් නෙමේ මුළු company  business එක වෙනුවෙන්මයි . හේතුව BA  කියන  role එක එක සීමාවකට කොටුවෙච්ච එකක් නෙමේ . ඒ කිවේ Software  developer  කෙනෙක් ගත්තම එයාල කරන්නේ code  ගහන එක විත්රයි . Quality  Assurance ගත්තම එයාල කරන්නේ testing  කරන එක විතරයි . නමුත් BA ට මුළු company  එක ගැනත් business  එක ගැන වගේම project  ගැනත්  හොද අවබෝදයක් තියෙන්න ඕන . ඒ නිසා තමයි ඉහත කි analysis කිරීමේ වගකීම  BA ට ලැබිල තියෙන්නේ . ඒගැන මන් පොඩි විස්තරයක් දෙන්නම් .PESTLE analysis කරන්නේ  company එකට බලපාන external  factors ගැන හොයල බලන්න . 

Political  (government  laws , Business  policies affect  for  company )
Economic ( interest rate ...)
Social  ( Social  change , demographic ..)
Technological (innovation ,disruptive technology )
Legal  (employ  law , health law )
Environmental  (tax , pollution )

වගේ factors  company  එකට business  එකට බලපාන විදිය හොයන එක තමයි PESTLE  analysis  හරහා කෙරෙන්නේ .

SWOT  analysis  මගින් කෙරෙන්නේ internally වශයෙන් company  එකට බලපාන strength , weaknesses වගේම externally  බලපාන opportunity , threats  වගේ දේවල් හොයල බලල analysis  කරන එක තමයි SWOT  මගින් කෙරෙන්නේ .

  ඊලගට බලමු business analysis  වල තියන  ultimate goal  එක මොකද්ද   කියල .


analysis  කිරීම මගින් බලාපොරොතු වන මුලිකම දේ තමයි business  problems  වලට හොද  solution  එකක් ලබා දීම . එට අමතරව  future prediction දීම , risk analyse  කිරීම  ,wasting   අඩු කිරීම , හොද efficiency එකක් ලබා දීම , requirement  හොදින් හදුනාගෙන on time projects නිමා කිරීමටත් Business Analysis  use  කරනවා .

   එහනම් මේ වගේ ලොකු task  එකක් කරන්න BA  ට තියෙන්න ඕන Qualifications  මොනවද .
  BA කෙනෙක්ට හොද communication  skill එකක් තියෙන්න . විශේෂයෙන් English  oral වගේම writing knowledge   එකක් තියෙන්න ඕන . මන් ඉස්සෙල්ල කීව වගේ BA  වැඩ කරන්න ඕන client  සහ project  group  එක අතර communication  link  එකක් විදියට . ඒ වගේම එයට scope documentation ,  project  proposal , requirement  document  , user  document , වගේම charts වර්ග යොදාගෙන analysis  කරන්න ඕන නිසා හොද communication  knowledge  එකක් අවශ්‍ය වෙනවා .

BA කෙනෙක් client  ගාවට ගිහින් represent  කරන්නේ අපේ company  එය  . එයා මත  තමයි අපේ company එකේ තත්වය තීරණය වෙන්නේ . ඒ නිසා BA  කෙනෙක්ට හොද leadership  skill එකක් වගේම client  ලගට ගිහින් හොද විදියට presentation කරන්න හොද presentation skill  එකක් තියෙන්න ඕන .

 තව වැදගත් කාරණාව තමයි BA කෙනෙක් වෙන්න නම් හොද listening skill  එකක් නොහොත් හොද ඇහුම්කන් දීමේ හැකියාවක් තියෙන්න ඕන . මොකද කියනවනම් BA  නිතරම  එක එක වර්ගයේ clients  ල  සමග වැඩ කරන්න  සිද්ද වෙන  නිසා    හොද ඉවසීමක් තියෙන්න ඕන . හෙතුව  එක එක clients ල එක එක පරිසර තත්වයන්ගෙන් , සංස්‌කෘතයන්ගෙන් පැමිණෙන අය නිසා එයාලගේ හැසීරීම් රට විවිධ ස්වරූප ගන්න පුළුවන් . එතකොට BA කෙනෙක්ට මේ හැම කෙනාවම manage  කරගෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න හොද ඉවසීමක් අවශ වෙනවා .

BA  ට සම්බන්ධ තවත් දෙයක් තමයි Requirement life Cycle  කියන්නේ දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු .

එකේ පලවෙනි අවස්තාව තමයි requirement definition නොහොත් requirement  gathering කියන්නේ .මේ අවස්ථාවේදී වෙන්නේ BA  , clients  ගෙන්  requirement  gather  කරන එක . face  to  face  meetings, Calls ,questionnaires  හරහා මෙය සිදු කරයි .

ඊලග අවස්ථාව     තමයි validation  නොහොත්  requirements  වල validation  check  කිරීම .

ඊලග අවස්ථාව documentation  කිරීම . BA  plan  creation , scope document  නිර්මාණය ,proposal  නිර්මාණය මෙහිදී සිදු කරයි .
 
Requirement  management අවස්ථාවේදී  requirements monitor  කිරීම analysis  කිරීම සිදු කරයි .

ලග වැදගත් දේ  තමයි මේ කටයුතු කරන්න BA  යොදා ගන්න ටූල්ස් තමයි  World,  excel , MS Vision , power point , UML Diagrams  ,JEERA  ,SQL quarries  වගේ දේවල් .

Software Quality Assurance ගැන ඔබ දැනුවත්ද

Software  Testing  කියන්නේ අපි develop  කරන software එකක් අඩුපාඩු තියනවද , (bugs ,errors )  කියල check  කරලා ඒකේ තියන අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලියයි 

ඉතින් ඇයි අපි මේ testing  කරලා ලොකු වෙහෙසක් වෙන්නේ .

ඇත්තම කියනවනම් bugs , errors  තියන software  එකක් අපි release කලොත් ඒකෙන් අපේ  clients ලට අපි ගැන හොද impression  එකක් දෙන්න බැරි වෙනවා . ඉතින් එහම උනහම එයාල  අපේ product එක ගැන සතුටු  වෙන්නේ  නැ . එහෙම උනහම එයාලට  අපි ගැන තියන   විශ්වාසය නැති වෙලා ගිහින් අපිත් එක්ක business කරන එක නැති වෙනවා .   එතකොට අපේ company  එකේ profit එක අඩු වෙලා අපේ company  එක bankrupt වෙන්නත් ඒක බලපානවා . 

අනික තමයි product  එක release  කලාට පස්සේ  software  bugs , errors  නිවැරදි කරනවා කියන්නේ ඉතා ලොකු වෙහෙසක් දරන්න වෙනවා වගේම ලොකු මුදලක් දරනන්ත් වෙනවා . time එකත් ගොඩක් spend  වෙනවා .

වඩා වැදගත් කාරණාව තමයි මේ නිසා ලොකු විනාශයන් සිද්ධ වෙලා ජිවිත දේපළ වලට හානි වෙන්නත් පුළුවන්. හොදම උදාහරණය තමයි 1994 china වල සිද්ධ වුන airplane crash එක. ඒකෙදි ජිවිත 264 විනාශ වුනා . හේතුව වුනේ ඒ software  එකේ තිබ්බ bug  එකක්.

 ඊලගට බලමු  කවුද මේ QA  testing  කරන්නේ කියල 
මේ testing  කරන කෙනාට කියන්නේ QA  tester  කියල .

එතකොට QA  කෙනෙක්ට තියෙන්න ඕන Skills  මොනවද ?

QA  කෙනෙක්ට Technical skills  මෙන්ම  Non  Technical  skills  තියෙන්න ඕන . ඊට අමතරව QA test background  එක ගැන හොද knowledge  එකක් තියෙන්නත්  ඕන .
  
එයා මොනවද කරන්න ඕන   දේවල් 

  • මුලිකම දේ තමයි requirements  ගැන හොද අවබෝධයක් එයාට තියෙන්න ඕන .
  •  Test cases නිර්මාණය කිරීම 
  • Test  cases  Execute  කිරීම 
  • Bugs report කිරීම සහ නැවත නැවත bugs  test  කිරීම 
  • Review  meeting  වලට සහබාගි වීම .
ඊට  කලින් බලමු test  cases කියන්නේ  මොනවද කියල . මන්  සරලව මෙහෙම විස්තර කරන්නම් .පෑණක  Test Cases  තමයි
  •  පෑණ  boll point  ද gel ද ink ද යන වග verify කිරීම .
  • පෑනෙ  outer body material  එක plastic ද  එහෙම නැත්තම් වෙනත්  material එකක්ද කියල verify කිරීම .
  • පෑණෙ size එක සහ weight  එක verify  කිරීම .
  • පෑණෙ  තියෙන්න ඕන rubber grip  එකක්ද නැද්ද යන්න verify  කිරීම 
  • පෑණ smooth ද නැද්ද යන්න verify  කිරීම


මේ Testing  කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා .
1.Manual  Testing 
2. Automation  Testing 
  
Manual  Testing  වලදී වෙන්නේ කිසිම tool  එකක් භාවිත නොකරමින් මිනිසාගේ මැදිහත් වීමකින් පමණක් manually test  case execute කිරීම . මේකෙදි කිසිම automation  tool  එකක් පාවිච්චි  කරන්නේ නැ . මේකේ තියන වාසිය තමයි මේ ක්‍රමය ඉතා පහසු ක්‍රමයක් වීම . අවාසිය තමයි  මේක හරිම boring වගේම නැවත නැවත test  කර කර බලන්න වෙනවා . සමහර අවස්ථා වලදී errors  මග හැරෙන්නත් පුළුවන් .

 Automation  Testing වලදී වෙන්නේ manually test  නොකර automation  tools  පාවිච්චි කරමින් testing  කිරීමයි .එතකොට test  cases  execute  කිරීමට tools  පාවිච්චි කරනවා . මේකෙන් වෙන වසිය තමයි human  interaction  එකකින්  තොරව සිදුවන නිසා errors මගහැරෙන්නේ නෑ .අනික අවසානයේ සවිස්තරාත්මක report  එකක් generate කරන්නත් පුළුවන් වෙනවා .


Automation  tools  වලට උදාහරණ තමයි 
  1. Tricentis
  2. Mabl
  3. Selenium
  4. QTP
  5. Rational Functional Tester
  6. WATIR
  7. Skilk Test
මේකේ ඉතුරු කොටස ලගදීම බලපොරොත්තු  වන්න......

Friday 9 November 2018

අද කතා කරනේ Chatbot ගැන








පරිගණකය ආශ්‍රය කරගත් chat system කියන්නේ අද ලෝකේ ඉතා ජනප්‍රිය commutation මෙතඩ් එකක්. එමගින් English වැනි natural language යොදා ගනිමින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත .

Chat systems ප්‍රබේධ

Human -Human dialog sysytems
Human Computer dialog systems (chatbot )

Human - Human Dialog System 


මෙහි development සිදු කිරිම පහසුය .මෙය මිනිසුන් දෙදෙනෙකු අතර මාධ්‍යක් වන අතර natural language එකට අනුව manipulate කිරිම සිදු කරයි .එසේම machine level natural language ක්‍රියා කිරිඉමේ හැකියාව අවශ්‍ය නොවේ. ex -: yahoo messenger ,MSN Messenger .

Human computer Dialog systems (චැට්බෝට්)

මෙය ඉතා අපහසු කාර්යකි .සියලු chat systems ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත යුතු වේ .


Capture



chatbot Overview
  • Analyzer මගින් user මගින් එවන input sentences read කිරීම සහ syntax විශ්ලේෂණය කිරීම සිදු කරයි .එසේම සුදුසු patterns සහ Tags හදුනා ගැනීමද සිදු කරයි.
  • Knowledge Identification Engine මගින් analyzer හරහා එන patterns සහ tags ,read කිරීමද knowledge base එකෙන් සුදුසු answers සොයා ගැනීමද සිදු කරයි. නිවරදි answer එක identify කිරීමට search mechanism යොදා ගනී .
  • Knowledge base එක chatbot system එකෙහි brain එක වැනිය .එය එක්තරා database එකකි .chatbot system එකෙහි අන්තර්ගතය ඇත්තේ මෙහි තුලය.
  • Generator මගින් sentences නිවැරදි කිරීම සිදු කරයි.

ELIZA

ELIZA යනු පැරණි Artificial Intelligent Program එකක් වන අතර 1960දී ජෝශප් Weizenbaum නිර්මාණය කර ඇත . input sentences analyze කර ඇත්තේ decomposition rules පදනම් කර ගෙනය .ELIZA වල තිබී ඇත්තේ ඉතා සීමිත natural language process ක්‍රියාවලියකි.

Elizebeth

ELISEBETH යනු ELIZA වලට සමාන තවත් chatbot system එකකි. knowledge එක script එකක් ලෙස text file එකක් තුල ගබඩා කිරීමට මෙය යොදා ගන්නා ලදී .හැම line එකක්ම script command notation එකක් ලෙස ආරම්භ වේ . ELIZEBETH හි ඇති විශේෂ හැකියාව වනුයේ sentences හි grammar චෙක් කර ඒවා නිවැරදි rules වලට සකස් කිරීමයි .

Artificial lingstic internet computer entity

Artificial linguistic internet computer entity යනු program එකක් නැතහොත් software robot එකකි .එය ඔබට පහසුවෙන් natural language එක සමග පහසුවෙන් චැට් කල හැකි පරිදි නිර්මාණය ඇත .එය develop කරන ලද්දේ 1999-2000 අතර කාලයේ Alicebot free software community එක මගිනි

Thursday 8 November 2018

SEO (Search Engine optimization)

SEO කියන්නේ මොකද්ද කියල මුලින්ම බලමු

SEO කියන්නේ search engine වලට අපේ තියන site එකක් reach වීමේ ප්‍රවනතාව වැඩි කිරීමේ ක්‍රියාවලියක් .මේකෙදි වැදගත් වන තව දෙයක් තමයි meta data description සහ meta keywords කියන්නේ . ඒවගේම SEO ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.
1.On page Optimization
2. Off page Optimization

SEO කරන්නේ කොහොමද කියල දැන් බලමු

මේ සදහා මුලින්ම කරන්න ඕනෙ ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගැනීමයි. මෙය SEO වලදි හදුන්වන්නේ Keyword Research ලෙසයි. ඉන්පසුව තෝරාගත් හොදම Keywords වලට Search Engine වල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට ඔබේ වෙබ් අඩවිය තුළ වගේම ඉන් පිටත් සිදු කළ යුතු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවා අපි SEO වලදී On Site SEO Methods හා Off Site SEO Methods කියල හදුන්වනවා

On page optimization

On page optimization කියන්නේ අපේ site එක තුල ඉදන් කරන්න පුළුවන් දේවල් ගැනයි .ඒ කියන්නේ අපි කොහොමද meta description එක දාන්නේ වගේ දේවල්.

Off page optimization

ඒ කියන්නේ site එකෙන් පිටත අපිට කරන්න පුළුවන් දේවල් .ඒ කියන්නේ back links හදනවා වගේ දේවල්

වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කරන්නෙ කට්ටිය (traffic) අපේ අඩවියට පැමිණේවි කියා, නමුත් මේ traffic කියන දේ නිකන් පැමිණෙන්නේ නෑ . ඒ සදහා නොයෙකුත් ක්‍රම තිබෙනවා වගේම ගොඩක් මහන්සි වෙන්නත් සිදු වෙනවා.
SEO වල තිබෙන වාසිය නම් කිසියම් විශේෂ මහන්සියකින් තොරව traffic පැමිණීමයි. එනම් මෙහිදී ලැබෙන්නේ Organic Traffic (Search Engine) එකක කිසියම් Keyword එකක් type කර වෙබ් අඩවියකට පැමිණීමයි.

මේ වගේ  Keyword කිහිපයක් සදහා Search Engine වල මුල් ස්ථානය ලබා ගත්තොත් දිනකට දස දහස් ගණනක් දෙනා ඔයාගෙ වෙබ් අඩවියටත් පැමිණේවි. ඉතින් එතකොට Google Adsense, Affiliate Marketing වගේ ක්‍රම වලින් මුදල් ඉපැයීම බොහොම පහසු වැඩක්. මේ නිසාම ලෝකයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හිමිකරුවන් මේ SEO කියන දේ සදහා විශාල උනන්දුවක් දක්වනු ලබනවා. සමහර අවස්ථාවලදී මේ සදහා ඔවුන් විශාල මුදලක්ද ඔවුන් වියදම් කරනවා. මන්ද මේ SEO වලින් ලැබෙන වාසිය ඒ තරම් ප්‍රථිපල දායක නිසා.

ඊට පස්සේ අපි බලමු ඔබේ වෙබ් අඩවියට ගැළපෙන හොදම key word හොයාගන්නේ කොහොමද කියල

Google කියන්නේ ලොව හොදම හා ජනප්‍රියම සෙවුම් යන්ත්රය (Search Engine) කි , එහිදී ඔබ ඇතුලත් කරන යම් වචනයක් ( Search Term) එකක් සදහා මිලියන ගණනක ප්‍රථිඵල ලැබෙනව .ඉතින් මේ වගේ මිලියන ගණනක් ප්රථිපල තිබෙන විට Google විසින් අදාල වෙබ් අඩවි 1,2,3...ලෙස Rank කරන්නේ කොහොමද දන්නවද . මෙහිදී Google විසින් විශේෂිත Algorithm ක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. මෙහිදී යම්කිසි වෙබ් අඩවියක් අදාල Keyword එකක් සදහා Rank වීමේදී ඒ සදහා බලපාන්නා වූ සාධක රැසකි. ඒවා පහත ලෙස ප්‍රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.

01. වෙබ් අඩවිය තුළ අදාල Keyword එක සදහා ගැලපෙන තොරතුරු නිසියාකාරව ඇතුලත්ව තිබීම හා වෙබ් අඩවිය තුළ පරිශීලකයාට පහසුවෙන් හැසිරිය හැකි වීම.

02. අදාල වෙබ් අඩවිය සදහා අන්තර්ජාලය තුළ ඇති කීර්ති නාමය.
Keyword List එක සකසා ගැනීමෙන් අනතුරුව  කළ යුත්තේ අදාල Keywords වෙන වෙනම විශ්ලේෂණයට (Analise) භාජනය කිරීමයි. එම විශ්ලේෂණ වලදී  පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය
  • අදාල Keyword එක සදහා Search Engine Results Page වල ඔබගේ වෙබ් අඩවිය පිහිටා ඇති ස්ථානය.
  • සෙවුම් යන්ත්‍රරයක අදාල Keyword එක පසුගිය සතිය/මාසය/වසර තුළ කෙතරම් සොයා බලා ඇත්ද යන වග.
  • අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද යන වග.
  • අදාල Keyword වලට අදාලව මුල් ස්ථාන ගන්නා වෙබ් අඩවි හා ඒවා කෙතරම් ජනප්‍රියද ශක්තිමත්ද යන වග.
  • අදාල Keyword එක කාලය අනුව ජනප්රිය වෙමින්(Trending)යන හෝ ජනප්‍රියතාව පහළ බසිමින් යන එකක්ද යන වග.
  • අදාල Keyword එක වැඩිම සොයන්නේ කුමන රටක හෝ ප්‍රදේශයක අයද යන වග
මෙම ඉහත සදහන් කළ විශ්ලේෂණ හා මේවාට අමතරව තවත් තොරතුරු ලබාදෙන නොමිලේ ලබාදෙන හා මුදල් වියදම් කර සේවා ලබාගත හැකි Online Tools හා Keyword Research Software රැසක් අන්තර්ජාලය තුළ ඇත.
නොමිලේ ලබාගත හැකි සේවාවන්.

Google Adword Keyword Planner
Google Trends
Google Correlate
IMforSMB Bulk Keyword Generator
Keyword In

මුදල්ගෙවා ලබා ගත හැකි සේවාවන්.
SEMrush
Longtail PRO
Buzzsumo
SERPwoo
Market Samurai

පරිගණක ජාල ගොඩනගන ආකාර

 


පරිගණක ජාල ප්‍රධාන ආකාර කිහිපයකට පවතී .මෙය Network Topology ලෙස හදුන්වයි. මෙලෙස ජාල නිර්මාණය කිරීමට ක්‍රම කිහිපයක් භාවිත කිරීමට හේතු වනුයේ ඒ උදෙසා යෙදිය යුතු සම්පත් ප්‍රමාණය හා එයින් බලාපොරොතු වන කාර්ය අනුවයි .මේ එක එක ක්‍රමයේදී දත්ත හුවමාරු වන ආකාරයන්හි වෙනස්කම් පවතී .


1. Star Network Topology

මෙම ක්‍රමයේදී හබ් එකක් උපයෝගී කර ගනිමින් ප්‍රධාන පරිගනයකයක් මුල් කර ගනිමින් ඒ වටා තරුවක ආකාරයට සියලු උපාංග සවි කරනු ලබයි .මෙම තාරකා ආකාර ජාල තාක්ෂණයේදී ජාලය හරහා සිදුවන සන්නිවේදනයක් ප්‍රදාන පරිගණකය (මෙය Host හෝ server කම්පියුටර් ලෙස හැදින් වේ )හරහා සිදු වේ .ප්‍රධාන පරිගණකයෙන් සේගෙන වා ඉල්ලා සිටින clients පරිගණක කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය ක්‍රියාත්මක වනුයේ මෙම තක්ෂණය උපයෝගී කර ගෙනය .

2. Bus Network Topology

සීමිත පරිගණක ප්‍රමාණයක් උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාල විශේෂයකි . මෙහිදී එක් පරිගණකයක් ප්‍රධාන කිරීමක් හෝ පණිවුඩ අනෙක් පරිගණක වෙත යොමු කරන උපාංග භාවිත නොවේ .සියලු උපාංග පොදු එකම ලයින් එකක් තුලට සම්බන්ද වෙයි .සෑ ම පරිගනකයක්ම server පරිගණකයක් ලෙස හා client පරිගණකයක් ලෙසද ක්‍රියා කරයි.මෙය ඉතා අඩු මිලකින් ගොඩනැගිය හැකි ජාලයක් වන අතර එහෙත් විශාල ජාලයක මෙය එතරම් පොදු ක්‍රමයක් නොවේ .

3. Ring Network Topology

එක් එක් පරිගණකය එකින් එකට සම්බන්ද වන ආකාරයට මෙම ජාලය ගොඩනගනු ලබයි .මෙහිදීද කිසිදු පරිගණකයක් මුලික නොවන අතර server හා client යන දෙකෙහිම කාර්යන් එක එක පරිගණකය මගින්ම සිදු කල හැකි වේ . මෙහිදීද එක පරිගනකයක සිට අනික් පරිගණකය වෙත තොරතුරු ගමන් කිරීමේදී කිසිම පරිගණකයක් මගහැර යා නොහැකිය .

4. Hierarchical Network Topology

ප්‍රධාන පරිගණකයට තවත් ප්‍රධාන පරිගණක කිහිපයක් සම්බන්ධ කරයි .එම පරිගණකයේ සිට පහලට පරිගණක සම්බන්ධ වේ . ප්‍රධාන පරිගණකයට පසු ඇති  පරිගණකයට ප්‍රධාන පරිගණකය ලෙස ක්‍රියා කරයි . මෙම ක්‍රමයේදී වඩාත් කාර්යක්ෂම main frame වැනි පරිගණක භාවිත කරයි .ආයතනයක් තුල එක එක අංශ සදහා වෙන වෙනම ජාල පවත්වාගෙන යාමට මෙය උපකාරී වේ .

5. Fully Connected network Topology

මෙම ජාල ක්‍රමයට සම්බන්ධ වී ඇති පරිගණක වලදී සියලුම පරිගණක තම තමන් තුල පවත්නා තොරතුරු සන්නිවේදනය කර ගනිමින් ක්‍රියාත්මක වේ .www මේ සදහා හොදම නිදසුනකි .
මෙම ක්‍රම කිහිපයට අමතරව තවත් පරිගණක ජාල ගොඩනැගීමේ ජාල ආකාර ගණනාවක් පවතී



images




  • Mesh Topology
  • Hybrid Topology
  • Dil Ring Topology
  • Linear Topology
ජාලයක් හා සම්බන්ධ කිරීම සදහා පරිගණකයට network interface Card (NIC )සවි කල යුතුය .
සාමාන්‍යයෙන් මෙම NIC තෝරා ගැනීමේදී network එකේ ස්වභාවය මත එය තෝරාගත යුතු වේ .එයට හේතු වනුයේ සොකට් වර්ග කීපයකින් මෙම කාඩ්පත් පැවතීමයි .

1.B.N.C. Connector

මෙම connector උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාලය මගින් සම්බන්ද කල හැකි පරිගණක සංඛ්‍යාව 30 කට වඩා අඩු විය යුතුය . මෙය සාමාන්යෙන් antenna වයර් එකකට සමාන තික් එධර් නෙට් නමැති රැහැන් මගින් ගොඩනගන ජාලයකි .මෙම රැහැන් 180m කට වඩා දිගින් වැඩි වුවහොත් දත්ත ගමන් කිරීම නිසි ලෙස සිදු නොවේ .

2. DIX (AUT)Connector

මෙය parallel port එකකි .Tran sceiver එකක් හරහා තික් එදර් නෙට් කේබලයට සම්බන්ධ කිරීම උදෙසා parallel port එකේ සිට train sceiver cable භාවිත වේ . මෙම ක්‍රමය මගින් 500m දිග සීමාවක් තුල පරිගණක 100m ක් පමණ සම්බන්ධ කල ජාලයක් ගොඩනැගිය හැකි වේ .

Computer Networks

 

පරිගණක ජාලයක් යනු පරිගණක 2 හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ද කර ගොඩ නගනු ලබන පද්ධතියකි .පරිගණක ජාලය මගින් ප්‍රධන වශයෙන්ම අරමුණු වුයේ දත්ත එහා මෙහා ගමන් කරවීමයි .අද වන විට ජාලකරණය මගින් එයට වඩා විශාල වාසි රැසක් සලසෙයි .

1 . පරිගණයක පවතින දත්ත බාහිර ගබඩා මාධ්‍යක් හරහා ගෙන යාමකින් තොරව පරිගනකයට ලබා ගැනීම .

2. පණිවුඩ හුවමාරු උදෙසා භාවිත වන ඊ මේල් වීඩියෝ කන්ෆරන්සින් වැනි දියු නු හා වේගවත් තාක්ෂණික ක්‍රම මගින් පණිවුඩ හුවමාරු වේගවත් කිරීම .

3. එක් පරිගනයකට සම්බන්ද කර ඇති ප්‍රින්ටර් ,ස්කෑනර් ,සී .ඩී ධාවකයන් හෝ රයිටර් පරිගණක කීපයක් මගින් පොදුවේ පාවිච්චි කල හැකි වීම .

4. එක පරිගණයක ස්ථාපිත කර ඇති වැඩසටහන් එයට සම්බන්ධ කර ඇති අනිකුත් පරිගණක හරහ ක්‍රියාත්මක කල හැකි වේ එමගින් capacity ඉතිරි කර ගත හැකි වේ.

5.ආයතන හා වැදගත් තොරතුරු දිනපතා පරිගනකයක Backup ලෙස තබා ගැනීම උදෙසා ඉතා පහසුවෙන් දත්ත සන්නිවෙදනය කිරීම.

6. පරිගණකය තුල ඇති විවිද දත්ත එක පරිගනකයක සිට සිදු කරන වෙනස් කිරීමකදී සියලු පරිගණක තුල සංසොෂධනය වීමෙන් අක්‍රමිකතා වලක්වා ගත හැකි වීම .

පරිගණක ජලයේ අවාසි


1. පරිගනකයට ඇතුළු වන වෛරස් අනෙක් පරිගණකය තුලට ඇතුළු වී ඒවායේ ඇති දත්තයන්ට හානි සිදු කල හැකි වීම .

2.පරිගණක ජාලයේ ප්‍රධාන පරිගනයකයක් පවතී නම් එම පරිගණකය ක්‍රියා නොකරන විට සමස්ත ජාලයම අක්‍රිය වීම .

3.ජාලයේ ඇති වන කාර්මික දෝෂ මත දත්ත ලබා ගැනීමේ ගැටළු මතු වීම .

4. පොදුවේ භාවිත කිරීම උදෙසා එක පරිගනයකයක් තුලට ස්ථාපනය කර ඇති වැඩසටහන් කියා නොකරන අවස්ථාවකදී කිසිදු පරිගනයකින් එම වැඩසටහන ක්‍රියාත්මක කල නොහැකි වීම .

පරිගණක ජාලයක පවතින අංග


පරිගණක ජලාක් යනු වෙන වෙනම පවත්නා උපාංග එකට එක් කිරීමකි . මෙලෙස ජාලයකට සම්බන්ද කෙරෙන උපාංග Node ලෙස හදුන්වයි.

1 Serverce : හවුලේ ප්‍රයෝජනයට ගන්නා මෘදුකාංග සම්පත් ගබඩා කර ඇති ප්‍රධාන පරිගනකයයි .

2.Clients :හවුලේ ප්‍රයෝජනයට ගනු ලබන මෘදුකාන්ග හෝ files ඉල්ලා සිටිනු ලබන පරිගණක.

3.Modem:දුරකථන මාර්ගයක් උපයෝගී කර ගනිමින් පරිගණක 2ක් අතර සම්බන්ධතාවක් ගොඩනැංවීම උදෙසා මෙම උපාංගය අවශ්‍ය වේ.

4.Hub:ජාලයකට අලුත් පරිගණක සම්බන්ද කිරීමත් දැනට ජාලය හා සම්බන්ද වී ඇති හා නැති පරිගණක හදුනා ගනිමින් දත්ත හුවමාරු පවත්වාගෙන යෑමත් මෙම උපාංගය මගින් සිදු වේ .

5.Switch:හබ් එකක කාර්යම සිදු කරන මෙමෙ උපාංගය වඩාත් වේගවත්ම හා කාර්යක්ෂම වේ

6.Bridge:පරිගණක ජාලයක පවත්නා . තදබදය අවම කිරීම සදහා ජාලය කොටස් වලට වෙන්කර මෙම උපාංග යොදනු ලබයි .එමගින් දත්ත ගමන් කිරීම වේගවත් කල හැකි වේ. වෙන් වෙන්ව පවත්නා සමාන ජාල කිහිපයක් එක් කිරීම උදෙසා ද මෙය භාවිත කල හැකි වේ .

7.Gateway:වෙන් වෙන්ව පවත්නා සමාන ජාල අන්තර්ජාලය වැනි වෙනස් වෙනස් protocol සහිත ජාලයන් සමග සම්බන්ද කිරීමට මෙය උපකාරී වේ .මෙය මෘදුකාංග හරහා ගොඩ නැගිය හැකි වේ .

8.Router:විවිධ ජාල වල ඇති පරිගණක එකිනෙක සමග සන්නිවේදනය කල හැකි ලෙස එකට සම්බන්ද කරනුයේ රවුටරයක් මගිනි. මෙය විශේෂ network මොඩියුලයක් හෝ network කාඩ් කිහිපයක් සවිකළ පරිගණකයක් විය හැකිය .

9.Repeater: පරිගණක ජාලයක් විශාල වන විට ඇතිවන signals වේගවත් කිරීම උදෙසා මෙය උපකාරී වේ .

ජාලයක් පවත්වාගෙන යාමේදී ජාලයේ ක්‍රියාකාරකම් පාලනය කිරීම උදෙසා විශේෂිත ජාල ප්‍රොටෝකෝලයක් පැවතිය යුතුය .එසේම ජාලකරණය උදෙසා සහය දක්වන මෙහෙයුම් පද්ධතියක්ද අනිවාර්යෙන්ම පැවතිය යුතුය .

Boostrap ගැන ඉගෙන ගමු

                   
   

Boostrap යනු Mobile හෝ වෙබ් projects develop කිරීම සදහා වුනු front -End Framework එකක් වන අතර responsive පිටු නිර්මාණය ලිහිල් කිරීමට සැලසුම් කර ඇති CSS හා JavaScript ගොනු සමූහයක් වේ. අනෙක් framework වලට වඩා Boostrap වල තියන විශේෂත්වය තමයි මේක css වලට වඩා පාවිච්චිය ලේසි. අනික html basic elements වලට support කරන නිසාත් .

Boostrap Features

  • Theam supportive
  • Responsive
  • Visual audio සමග supportive
  • Components - buttons ,Modal ,pagination
Boostrap develop කරන ලද්දේ Mark Otto සහ Jacob Thornton දෙදෙනා සහ එය open source එකක් ලෙස release කරන ලද්දේ 2011අගෝස්තු මසදීය.

Boostrap වල වාසි .

  • Easy to use
  • Responsive features
  • Mobile-first approach
  • Browser compatibility

Boostrap ස්ටාර්ට් කරන ප්‍රදාන ක්‍රම 2ක් ඇත .

  • Download Bootstrap from getbootstrap.com
  • Include Bootstrap from a CDN
boostrap මගින් පළමු වෙබ් පේජය නිර්මාණය කිරීම
<!DOCTYPE html>
<html lang="en">
<head>
<meta charset="utf-8">
</head>
</html

Basic Web ගැන අද ඉගෙන ගමු

අපි අන්තර්ජාලයේ දකින web අඩවි වලට තොරතුරු ඇතුලත් කිරීමට පොදු භාෂාවක් අවශ්‍ය වේ .HTML යනු එවැනි භාෂාවකි .එහි තේරුම Hyper Text Markup Language වේ .එය 1989 දී රොබට් කැලියු විසින් හදුන්ව දෙන ලදී . මෙහි ඇති විශේෂත්වය වන්නේ web site සෑදීමට special software අවශ්‍ය නොවීමයි .ඒ සදහා note pad වැනි editor programs ප්‍රමාණවත් වේ. HTML ලියන විශේෂ ක්‍රමවේදයක් ඇත .පහතින් දැක්වෙන්නේ එම ආකෘතියයි .

<!DOCTYPE html>
<html>
<head>
<title> Document title</title>
</head>
<body>
My Name is Ashini
</body>
</html>

මෙහි එන <html > , <head >, <title > , <body > යනු open tags වන අතර </title > , </head > , </body > , </html > යනු close tabs වේ. මෙහි තැබිලි පාටින් පෙන්වන කොටස් අවශ්‍යතාව මත වෙනස් කල හැක .මෙහි title එකෙහි ලියනු ලබන්නේ අප කරන ලබන මාතෘකාව වන අතර body එක තුල content එක ලියනු ලබයි .ඊට අමතරව html headings ගැන කතා කරන විට headings 6 ක් ඇත .<h1> මගින් ප්‍රධානතම headings දක්වන අතර <h 6> මගින් least important headings දක්වයි .

<h1>This is heading 1</h1>
<h2>This is heading 2</h2>
<h3>This is heading 3</h3>

html file එකක් save කිරීමේදී .html හෝ .htm ලෙස save කල යුතු වේ 
  • <!DOCTYPE html> මගින් කියවෙන්නේ document එක HTML5 version වන බවයි .
  • <html> ටැග් එක යනු HTML page එකේ root element එකයි .
  • <head> element එකෙන් document එකේ ඇත meta information නිරුපනය කරයි .
  • <title> ටැග් එක වෙබ් සයිට් එකේ තොරතුරු වලට අදාල title එක දක්වයි .
  • <body> එලිමෙන්ට් එක අපට web site එකේ පේන් න තියන details දක්වයි .
  • <h1> යනු විශාල heading එක නිරුපනය කරන tag එකයි .
  • <p> paragraph නිරුපනය කරනුයේ මෙම ටැග්‍ එක මගිනි .
සාදන වෙබ් පිටුවක් තවත් පිටුවකට සම්බන්ද වන්නේ Hyperlinks හරහාය. මේවා ආකාර 3 කි .
  1. External links
  2. Internal links
  3. Navigation links

external link අපගේ වෙබ් අඩවියේ සිට වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට බාවිතා කරයි .මෙය <body > </body > අතර බවිත කරයි .
<a href =http://www.facebook.com> Facebook </a> මෙම link එක click කල විට FB යා හැක.

<html >
<head >
<title >document title </title >
</head >
<body >
<a href =http://www.facebook.com> Facebook </a>
</body >
</html >
Internal links මගින් අපගේම වෙබ් අඩවියේ ඇති වෙනත් වෙබ් පිටුවකට සම්බන්ද විය හැක.

<body >
<nav >
<a href =home .html > Home </a >i
<a href =about .html >about </a >i
<a href =service .html >service </a >i
</body >

Navigation link යනු අපගේම වෙබ් අඩවියේම ඇති වෙනත් web පිටුවකට ඉක්මනින් සම්බන්ද විය හැකි වෙබ් link  එකකි.
<nav>
      <a href=Home.html>  Home </a> |
      <a href=About.html>  About </a> |
      <a href=Service.html>  Service </a> |
</nav>
වෙබ් පිටුවකට images යෙදීම .
මේ සදහා <img >නම් tag එක හා src නම් attribute එක භාවිත කරයි .
image එකට boarder එකක් දැමීමට
<img src ="asd.jpg"border=5/ මෙහි 5 අගය වෙනස් කිරීමෙන් පින්තුරයේ ප්‍රමාණය වෙනස් කල හැක .
image tips යනු mouse pointer එක image එක මතට ගෙන ගිය විට විස්තරාත්මක ව තොරතුරු දැක්වීමයි .එය නිරුපනය කරනුයේ
<img src =”asd.jpg” title=”This is example”/>
වෙබ් පිටුවකට background image එකක් දැමීමට <body style ="background-image:url(asd.jpg)">
</body>

Artificial Intelligent ගැන ඔබ දැනුවත්ද?


 information technology සීග්‍ර දියුනුවත් සමග Artificial Intelligent සංකල්පය ලොව පුරා ජනයා අතර බහුලව බාවිත වන සංකල්පයක් බවට පත් විය . විශේෂයෙන් ඇමරිකාව , චීනය , ජපානය ආදී සංවර්ධිත රටවල් බොහොමයක් මෙම සංකල්පය යොදා ගනිමින් විවිධ වූ නව නිපැයුම් නිර්මාණය කරමින් සිටී . විශේෂයෙන්ම රොබෝ නිර්මාණය , අවි ආයුධ නිර්මාණය වැනි කටයුතු වලට මෙම තාක්ෂනය බහුලව යොදා ගනී .විශාල හා සංකීර්ණ වුත්, ස්වයං කීර්ණ පද්ධති සදහා controller කෙනෙකුගේ සහය නොමැතිව , auto controll වන software , systems , යොදා ගත යුතු අවස්ථා වර්තමානයේ බහුලව දක්නට ලැබේ. පරිගණක විද්‍යවේ නව මුහුණුවරක් වන Agent Technology බිහිවීමට පසුබිම වන්නේ මෙයයි.



Agent කෙනෙක් යනු ගතික පරිසරයක් තුල පරිශීලකයෙකු වෙනුවෙන් auto ක්‍රියා කරන බුද්ධිමත් පරිගණක ඒකකයකි.

Agent කෙනෙක් සතු විය යුතු ලක්ෂණ
  • Flexible .
  • Reactive
  • Proactive (අවස්තානුකුලව ක්‍රියා කිරිම )
  • Social interactive
  • Autonomous (ස්වයං පාලන හැකියාව )
Multi Agent Systems


multi agent යනු agent  ගණනාවකින් සමන්විත වූත්, එකිනෙක interact  කරන්නාවූ පද්ධතියකි. මෙහි සාර්ථක ක්‍රියාකිරීම සදහා agents අතර සහයෝගිතාවය, නිවැරදි සන්නිවේදනය හා තර්කානුකුල කතිකාව වැදගත් වේ.

Artificial Intelligent හි වැදගත්කම
  1. Game Playing සදහා
ඩොලර් සිය ගණනක් සඳහා ප්‍රදාන මට්ටමේ චෙස් සෙල්ලම් කළ හැකි යන්ත්‍ර මිලදී ගත හැකිය.
ඔවුන් AI හි සමහරක් ඇත, නමුත් ඔවුන් ප්‍රදාන වශයෙන් බෲට් හරහා මිනිසුන්ට එරෙහිව හොඳින් ක්‍රියා කරයි
බල ගණනය - ලක්ෂ සංඛ්යාත තනතුරු දෙස බැලීම. ලෝකයක් පරාජය කරන්න
සුපිරි බලය හා සුප්‍රසිද්ද විශ්වසනීය හෙවිවේලි විසින් රඟපෑමට අවශ්‍ය වන්නේය
තත්පරයට මිලියන 200 ක්.

2. Speech recognition සදහා

1990 ගණන්වලදී පරිගණක කථන පිළිගැනීමක් සීමිත වූ ප්‍රයෝගික මට්ටමට ළඟා විය. එබැවින් යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානා තොරතුරු සඳහා එහි යතුරු පුවරුව වෙනුවට ආදේශ කර තිබේ.ගුවන් යානා අංක හා නගර නාම ආවරණ හඳුනා ගැනීමෙන් පද්ධතියක් මගින්. ඒක හරිම වටිනවා මෙන්ම පහසුය. අනෙක් අතට, භාවිතා කරන සමහර පරිගණක වලට උපදෙස් ලබා දිය හැකි අතර  කථාව, බොහෝ පරිශීලකයන් යතුරු පුවරුව සහ mouse ය නැවතත් වැඩි වැඩියෙන් ආපසු ගොස් තිබේ.


3. Natural lanuage තේරුම්ගැනීමට

වචන පෙළක් පරිගණකයකයට ලබා දීම ප්රමාණවත් නොවේ. වාක්‍ය ඛණ්ඩනය කිරීම
ප්රමාණවත් නැත. පරිගණකයට අවබෝධයක් ලබා දිය යුතුය domain test ගැන, වර්තමානයේ පවතින සීමිත domain ගැනත්.

C++

       
                          

c ++ යනු පරිගණක භාෂාවේ කුඩා සොහොයුරය .එනම් c ++ සහ c ගොඩනග ඇත්තේ එකම පදනමක් මතය .එනිසා c ++වල ඇති බොහොමයක් ලක්ෂණ c වලද ඇත.C යනු ඉතා ප්‍රබල භාෂාවකි .මෙම ප්‍රබලතව දැක්වීමට ඇති හොදම උදාහරණය unix operating system එකයි.unix සම්පුර්ණයෙන්ම ලියා ඇත්තේ c භාවිතෙනි .එමෙන්ම windows 98සහ windows NT වලටද වැඩි වෂෙන් c යොදා ඇත .ඒ අනුව c පදනම් කරගෙන c වල වැඩි දියුනුවක් ලෙස c ++ නිර්මාණය කර ඇත.

පළමු c ++ programming practice

#include<iostream.h>
voida main()
{
cout<<Hello beautiful world"<<endi;
}

මෙම code එක මගින් සිදු වන්නේ Hello beautiful world යන්න terminal window එක මතට output කිරීමයි .cout << යනු මෙම කාර්ය ඉටු කරනු ලබන විධානයයි .endi<< යනු DOS window එක තුල print විය යුතු ස්ථානය තීරණය වන කෙතයයි .මෙම කේතය අන්තර්ගත වන්නේ main () හි ()තුල වීම නිසා මෙය main fun ction එකට අයත් කේතයකි.

White Spaces

White Spaces යනු හිස් ඉඩ ප්‍රමානයකි .ඉහත program එකේ #include<iostream.h>
යන්නටත් voida main() යන්නටත් අතරින් ඇත්තේ White Space එකකි .

Variables

පරිගණක වැඩසටහනක් තුල Variable එකක් සෑදීමේදී අප විසින් කරුණු 2ක් සම්පුර්ණ කල යුතුවේ .

1. variable declaration හෙවත් variable name එක compiler ට හදුන්ව දිය යුතුයි .
2. variable definition හෙවත් variable එකට අගයක් ලබා දී එහි පැවැත්ම තහවුරු කිරීම .

Expressions

පරිගණක වැඩසටහනකදී නොයේක් ගනනය කිරීමට සිදුවේ .මෙවැනි අවස්ථා වලදී expressions යොදා ගැනීම සිදු වේ .

Keywords


keyword යනු computer program වලදී ව්ශේෂ අර්ථ සහිත නාමයන්ය පහත දැක්වෙන්නේ c ++ සදහා බවිත වන keyword ය .

asm ,auto ,badcast,badtypeid , bool, break, case , catch ,char ,class , const ,constcast ,continue , default , delete , do ,double , except , finally , if , int , new , false , float , for , inline , long , void  , while ,true ...


අද අපි android ගැන ඉගෙන ගමු



Android කියන්නේ open source වගේම linux based,mobile devices සදහා තියන operating system එකක් .උදාහරණයක් වශයේන් smart phones , tablets computer වගේ.Android මුලින්ම develop කලේ Open Handset Allience කියන කෙනා අතින්. ඔහු  google සහ තවත් company ගණනාවක් මෙහෙය වූ අයෙකි.  පළමු beta version එක Android software Development kit 2007 දී ගූගල් මගින් release කරන ලදී .2012 දී Google i /o conference හිදී android 4.1 version එක Jelly Bean නමින් ප්‍රකාශයට පත් කරන ලදී .jelly bean යනු incremental update වන user interface එක , performance , fuctionality improve කල හැකි පරිදි නිර්මාණය කරන ලද්දකි.



ඇයි අපි android use කරන්නේ
  • ඒක open source නිසා
  • විශාල ප්‍රමාණයක් developers සහා community reach වෙන නිසා
  • Marketing ඉහල යාම නිසා
  • inter app integration
  • Development cost එක අඩු වීම
  • success ration එක ඉහල යාම
  • rich development environment එක නිසා
android කියන්නේ ගොඩක් powerful operating system එකක් අනෙක් ඒවා සමග සන්සන්දනය කලාම . පහත ලක්ෂණ තියන නිසයි එක ගොඩක් powerful කියන්නේ .
  1. Beautiful User Interface (UI )
  2. Connectivity (Bluetooth ,wifi , GSM ,CDMA ,LTE ,WIMaX )
  3. Storage
  4. Media Support ( H.263, H.264, MPEG-4 SP, AMR, AMR-WB, AAC, HE-AAC, AAC 5.1, MP3, MIDI, Ogg Vorbis, WAV, JPEG, PNG, GIF, and BMP.)
  5. Messaging (SMS ,MMS )
  6. Web browser (Based on the open-source WebKit layout engine, coupled with Chrome's V8 JavaScript engine supporting HTML5 and CSS3)
  7. Multi tasking (at same time )
  8. Multi Lanuages
  9. Wifi Direct

Android Application සාමාන්‍යයෙන් develop කරනු ලබනුයේ java lanuage එක යොදා ගනිමින් android development kit බාවිත කරමින් .Develop කරපු application එකක් Google Play, SlideME, Opera Mobile Store, Mobango, F-droid and the Amazon Appstore මගින් sold out කර ගත හැක .
Android Applications වල categories
  • Music
  • Sports
  • Travel
  • Business
  • Social Media
  • News
  • Lifestyle
  • Weather
  • Referance
  • Utilities
  • Multimedia
  • Food and drink
  • Books
  • Navigation
  • Finance
API Level කියන්නේ ?

API Level කියන්නේ uniquely framework identify කල හැකි integer value එකක් .ඒක android platform එක හරහා දෙන version එකක්

Platform VersionAPI LevelVERSION_CODE
Android 6.023MARSHMALLOW
Android 5.122LOLLIPOP_MR1
Android 5.021LOLLIPOP
Android 4.4W20KITKAT_WATCHKitKat for Wearables Only
Android 4.419KITKAT
Android 4.318JELLY_BEAN_MR2
Android 4.2, 4.2.217JELLY_BEAN_MR1
Android 4.1, 4.1.116JELLY_BEAN
Android 4.0.3, 4.0.415ICE_CREAM_SANDWICH_MR1
Android 4.0, 4.0.1, 4.0.214ICE_CREAM_SANDWICH
Android 3.213HONEYCOMB_MR2
Android 3.1.x12HONEYCOMB_MR1
Android 3.0.x11HONEYCOMB
Android 2.3.4
Android 2.3.3
10GINGERBREAD_MR1
Android 2.3.2
Android 2.3.1
Android 2.3
9GINGERBREAD
Android 2.2.x8FROYO
Android 2.1.x7ECLAIR_MR1
Android 2.0.16ECLAIR_0_1
Android 2.05ECLAIR
Android 1.64DONUT
Android 1.53CUPCAKE
Android 1.12BASE_1_1
Android 1.01BASE

Data base කියන්නේ මොනවද බලමු






පුළුල් පරාසයක විහිදෙන  දත්ත සමුහයක් , යම්කිසි කාර්යයකට හැසිරවීම ලෙහෙසි පහසු දෙයක් නොවෙ.මෙවැනි  අවස්ථාවාල දී  Database යොදා ගැනීමෙන්  දත්ත ගබඩා කිරීම,  ආපසු ලබා ගැනීම සහ වෙනස්‌ කිරීම වඩාත්  පහසු කාර්යයක් කර ගත හැක.DB එකක් multiple users ලට multiple location ඉදන් access කරන්න පුළුවන් .


බොහෝ අවස්ථා වල  Database පවතින දත්ත සමුදායෙන් අපට එක් අවස්ථාවකදී  අවශ්‍ය වන්නේ කොටසක් පමණයි. ඒ දත්ත කොටස් ලබාගැනීම සඳහා database වෙත යොමු කරන පැනය query  ලෙස හදුන්වනු ලැබේ. ක්‍රමලේඛ ශිල්පින් පරිගණක වැඩසටහන් ලෙස නිර්මාණයකරනු ලබන්නේ මෙම qurey ය. දත්ත ගබඩා හැසිරවීම සඳහා query පිලිබඳ දැනුම්වත් විය යුතුය. සංකීර්ණ   query හැසිරවීම සඳහා සරල භාෂාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය  වීය . පසු කාලයේදී දත්ත ගබඩා සඳහා සාමාන්‍ය පුද්ගලයන්ට භාවිත කරන්න පහසු සරල query language   විශාල ගණනක් නිර්මාණය විය. මේ අතරින් IBM ආයතනය විසින් 1970  දී හදුන්වාදෙන ලද  Structured Query Language – SQL  අද Database Management Systems වල බහුලව භාවිතා කෙරෙමින් පවතී. අද වනවිට SQL වල බහුලව භාවිත වෙන උපකොටස් තුනක්    ඇත.

  • Data Definition Language – DDL
  • Data Manupulate Lanuage -DML
  • Data Control lanuage-DCL
Database එකක් තුල  දත්ත ගබඩා කිරීමට අවශ්‍ය සැකිල්ල විස්තර කිරීමට DDL භාවිතා කරනු ලැබේ.

ex: Create Table table_name
(
coloum_name1 data type(size),
coloum_name2 data type(size),
colum_name 3 data_type(size),
);

Database වල වාසි
  • Data security
  • Data abstraction & independent
  • A locking mechanism for concurrent access
  • An efficient handler to balance needs of multiple applications using the same data
  • The ability to recover from crashes & errors .


මොනවද මේ angular කියන්නේ


angularjs කියන්නේ dynamic web pages සදහා තියන structural framework එකකට .මෙය java script based වුනු open source front end වෙබ් ඇප්ලිකේෂන් framework එකක් වන අතර ගූග්ලේ මගින් maintain කරයි.Angular ප්‍රධාන කොටස් 2කට බෙදේ.

1. Angularjs
2. Angular 1/2/3/4/5/6


Angularjs කියන්නේ structure base ,html වගේ tag use කරන framework එකක් .Angular 1/2/3/4/5/6 වල componenet base framework එකක්. angular වල package manage කරන්නේ Angular Command Line interface (CLI )හා NPM මගිනි .Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති.2016දි Angular 2 වල Alpha version එකක් release වෙනවා, මේ එක්කම web development field එකේ හැම තැනින්ම වගේ අදහස් එන්න පටන් ගන්නවා. මේ දෙක ගැනම මධ්‍යස්ථව වගේම Angular 2 වල features ගැන consider නොකරම Angular වල 1st version එක consider කරලා React හොඳයි කියන මතයකුත් දකින්න ලැබුණා.
  • Angular 2 වලදී Component-based structure එකක් භාවිත කරන්නේ. මේ නිසාවෙන් program එකේ modularity feature එක වැඩි වෙනවා වගේම readability, maintainability වැඩි වෙනවා.
  • Angular2 වලදී Typescript Based කරගෙන develop කරලා තියන නිසා ECMAScript standards based නිසා module landing වලට support කරනවා.
  • Testing, browser rendering, animation සහ accessibility ගැන සලකනකොට Angular2 වලදී සැලකිය යුතු performance improvement එකක් දකින්න පුළුවන්.
  • Angular2, cross-platform වලට support කරනවා වගේම Linux, Windows සහ Mac වල native OS APIs වලටත් support කරනවා.
  • Angular2 CLI එකෙන් application development process එක තවත් පහසු කරනවා වගේම best practices follow කරන්නත් උදව් වෙනවා

AngularJS Extends HTML

AngularJS extends HTML :  ng-directives.
ng-app directive defines  AngularJS application.
ng-model directive binds the value of HTML controls (input, select, textarea) to application data.
The ng-bind directive binds application data to the HTML view.

java

ජාවා කියන්නේ high level programming lanuage එකකි .develop කර තිබෙන්නේ sun Microsystems මගීන් .විශේෂයෙන්ම වෙබ් application නිර්මාණය සදහා බහුලව යොදා ගනී. බොහො විට ජාවා syntax , c ## lanuage එකේ syntax වලට බොහෝ සමාන වේ.නමුත් ජාවා object oriented programming lanuage එකකි . උදාහරණයක් විදියට බොහෝ ජාවා program වල classes,methods අඩංගු වෙනවා . class එකක් object එකක් විස්තර කිරීමට යොදා ගනී .method එකක් individual classes වලට assign කරනවා. 

ජාවා වල විශේෂත්වය තමයි c ## වලට වඩා strict lanuage එකක් විමයි.හේතුව vraiables ,functions explicitly define කරන්න ඔනී.ඒ කිව්වේ ජාවා source code එකට ලේසියෙන්ම errors ,exceptions produce කරන්න පුළුවන්.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ windows executable (.EXE Files ),Macintosh Applications (.App files )වගේ නොව ජාවා operating system වල directly run නොවීමයි.ඒ වෙනුවට ජාවා programs interpretated කරන්නේ ජාවා virtual machine එහෙම නැත්තම් JVM හරහායි.ඒවා multiple ප්ලට්ෆෝර්ම් වල run වේ .ඒ කිවේ සියලුම ජාවා programs multiplatform වේ.

ඒ වගේම macintosh , unix ,windows වැනි multi platform වල run කිරීමටද හැකියාව ඇත .ඒ සදහා ජාවා application සදහා jvm , install කරගත යුතුය .ජාවා වල file extension වනුයේ.
  • .JAVA ,
  • .JAV ,
  • .JAD ,
  • .JAR ,
  • .JSP ,
  • .CLASS ය.
Java Features 
  • platform independent
  • object oriented
  • RobustDistributed
  • simple
  •  small
  • High performance
  • Portabe

අද අපි බලමු ගේම් ඩිවලප්මන්ට් කරන්නේ කොහොමද කියලා






ගේම් ඩිවලප්මන්ට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ .

1. 2D ඩිවලප්මන්ට්
2 .3D ඩිවලප්මන්ට්


3D ගේමස් නිර්මාණය කිරීම සදහා 2D ගේම් ඔබ්ජෙක්ටිව්ස් මෙන්ම AR /VR ටුල්ස් යොදා ගනී . එසේම unity /unrially /cryengin යන ටුල්ස් යොදා ගන්න අතර දැනට අප විසින් unity පමණක් අපේ project සදහා යොදා ගනී . විශේෂයෙන්ම unity සදහා c # lanuage එක යොදා ගනී .විශේෂයෙන් unity ගැන කතා කරන විට එය බහුලව යොදා ගන්න ගේම් එන්ජින් එකකි . "indie" වැනි ගේම් ඩිවලොප්ම්න්ට් සදහා unity යොදා ගන්න අතර එයට හේතුව වී ඇත්තේ එය අඩු මුදලකින් ලබා ගත හැකි වීම සහ නොමිලයේ ලබා ගත හැකි විමතය .ගේම් නිර්මාණය හැරුණු විට unity යොදා ගත හැකි අනික් කටයුතු වන්නේ visualizing architecture in 3D environment ,using oculus rift to experience an artificial 3D environment .අනෙක් හේතුව වනුයේ එය ගේම් development ප්රොසෙස් ඉගැන්වීමට යෝද ගත හැකි ideal engine එකක් විමයි .එයට හේතුව එහි speed එක ඉහල වීමත් programmers team බහුලව අවශ්‍ය නොවීමත්ය.




ගේම් ඩ්ව්ලොප්මෙන්ට් අවධි ප්‍රධාන කොටස් 4කට බෙදේ .

1 pre production
2 production
3 Testing
4 post production

නමුත් සමහර ගේම් ඩ්ව්ලොප්මෙන්ට් සදහා එක product cycle එකක් වෙනුවට multi product cycle යොදා ගනී .


pre prodction අවදියේදී කෙරෙන මුලික කාර්ය වනුයේ ගේම් එක කුමක්ද කියා අර්ථ දැක්වීමයි ඊට අමතරව ගේම් එක නිර්මාණය කර අවසන් කිරීමට කොච්චර කලක් ගත වෙනවද කොච්චර සේවක පිරිසක් අවශ්‍ය වනවාද ගේම් එක නිර්මාණය කිරීමට ,කොපමණ මුදලක් වැය වනවාද යන්න සැලසුම් කරයි .ගේම් ඩ්වලප්මන්ට් ප්ලෑන් එක මේ අවධියේදී නිර්මාණය කරයි.
prodction phase එකේදී team එක ගේම් ඩ්වලප්මන්ට් කිරීම ආරම්භ කරයි.

About us


We are creative innovative company with multidisciplinary design & innovative studio And having a group of young and passionate people who see the world from different angle.We are diverse in thoughts & creativity talents & thoughts are always free to flourish & inspire those around us. As we strive to redefine the world creative.

Company Strategies.
  • Innovative and creative
  • keen technical knowledge
  • well experience human resources
  • International Relationship
  • AI machine learning and deep learning &development solutions
  • Well commitment group members
Goal
Create innovative digital  platform with the help of artificial intelligent concept and innovative concept by enhancing international connections.

Business Activities
  • Software Development   -  Web development  ,  Mobile development ,  Game development
  • Digital Marketing  - AI & Machine learning  process for marketing  , social media ,monitoring & campaign tool