මොකද්ද මේ business analysis කියන්නේ ඇත්තටම .එතකොට කාටද business analyst කියන්නේ එහෙම නැත්තම් BA කියන්නේ බලමු
Business එකක් analysis කරනවා කියන්නේ company එකේ තියන business needs problems හදුනාගෙන එයට අවශ්‍ය solutions දෙන එකටයි. ඒකට strategic plans , policy , risk assessment , feasibility studies (marketing ,management , technical , financial , social -economic ) වගේ දේවල් use කරලා තමයි මේ analysis කරන්නේ . එතකොට මේවා කරන කෙනාට තමයි BA එහම නැත්තම් business analyst කියන්නේ . ඇත්තම කතාව තමයි මේ BA ලේසි පහසු කෙනෙක් නෙමෙයි. එය නිකම් දැනුම් ගබඩාවක් එහෙම නැත්තම් encyclopedia එකක් වගේ වෙන්න ඕන . BA කෙනෙක්ට මුළු company structure එක ගැන , business overview එක ගැන වගේම , තමන්ගේ company එකට ලැබෙන හැම projects එකක් ගැනම හොද knowledge එකක් තියෙන්න ඕන .
මුලික වශයෙන්ම BA ක්‍රියා කරන්නේ company එකයි client අතරයි linkage එකක් එහෙම නැත්තම් communication media එකක් විදියට . ඒ කිවේ client කෙනෙක් company එකට project එකක් දෙනවා කියල හිතන්න . එතකොට ඒ project එක client ගාවට ගිහින් company එක represent කරන්නේ BA . එතකොට හැම client කෙනෙක්ටම IT knowledge එක නැති වෙන්න පුළුවන් . එතකොට එයාල project එක දෙද්දී එයලගේ idea එක විතරයි කියන්නේ කිසිම technologically දැනුමකින් තොරව . එන්නෙත් හෙම අවස්ථාවලදී BA ගේ වගකීම තමයි Client ගේ idea එක හොදින් හදුනා ගෙන එයට ගැලපෙන business solution එකක් ඉදිරිපත් කිරීම . ඒ වගේම වැදගත් දේ තමයි client requirements මුලින් ඉදිරිපත් කලත් , පසුව වෙනස් වෙනස් requirement ඉදිරිපත් කලත් ඒවා realistic ද attainable ද requirements ගැලපෙනවද නැද්ද යන්න client ට ඉදිරිපත් කරන්නෙත් BA .ඊට පස්සේ client ගේ අවශ්‍යතාව නිවැරදිව documentation කරලා project team එකට බාර දීල guide කරන්නේ වගේම අවසානය තෙක් monitor කරලා final outcome එක client ට represent කරන්නෙත් BA . ඒ නිසා BA කෙනෙක්ට හොද technical knowledge එකක් වගේම හොද leadership skill එකක් තියෙන්න ඕන .
ඉතින් BA කරන analysis වලින් කිහිපයක් තමයි PESTLE ,SWOT ,MOST analysis කියන්නේ . මේවා කරන්නේ project වෙනුවෙන් විතරක් නෙමේ මුළු company business එක වෙනුවෙන්මයි . හේතුව BA කියන role එක එක සීමාවකට කොටුවෙච්ච එකක් නෙමේ . ඒ කිවේ Software developer කෙනෙක් ගත්තම එයාල කරන්නේ code ගහන එක විත්රයි . Quality Assurance ගත්තම එයාල කරන්නේ testing කරන එක විතරයි . නමුත් BA ට මුළු company එක ගැනත් business එක ගැන වගේම project ගැනත් හොද අවබෝදයක් තියෙන්න ඕන . ඒ නිසා තමයි ඉහත කි analysis කිරීමේ වගකීම BA ට ලැබිල තියෙන්නේ . ඒගැන මන් පොඩි විස්තරයක් දෙන්නම් .PESTLE analysis කරන්නේ company එකට බලපාන external factors ගැන හොයල බලන්න .
Political (government laws , Business policies affect for company )
Economic ( interest rate ...)
Social ( Social change , demographic ..)
Technological (innovation ,disruptive technology )
Legal (employ law , health law )
Environmental (tax , pollution )
වගේ factors company එකට business එකට බලපාන විදිය හොයන එක තමයි PESTLE analysis හරහා කෙරෙන්නේ .
SWOT analysis මගින් කෙරෙන්නේ internally වශයෙන් company එකට බලපාන strength , weaknesses වගේම externally බලපාන opportunity , threats වගේ දේවල් හොයල බලල analysis කරන එක තමයි SWOT මගින් කෙරෙන්නේ .
ඊලගට බලමු business analysis වල තියන ultimate goal එක මොකද්ද කියල .
analysis කිරීම මගින් බලාපොරොතු වන මුලිකම දේ තමයි business problems වලට හොද solution එකක් ලබා දීම . එට අමතරව future prediction දීම , risk analyse කිරීම ,wasting අඩු කිරීම , හොද efficiency එකක් ලබා දීම , requirement හොදින් හදුනාගෙන on time projects නිමා කිරීමටත් Business Analysis use කරනවා .
එහනම් මේ වගේ ලොකු task එකක් කරන්න BA ට තියෙන්න ඕන Qualifications මොනවද .
BA කෙනෙක්ට හොද communication skill එකක් තියෙන්න . විශේෂයෙන් English oral වගේම writing knowledge එකක් තියෙන්න ඕන . මන් ඉස්සෙල්ල කීව වගේ BA වැඩ කරන්න ඕන client සහ project group එක අතර communication link එකක් විදියට . ඒ වගේම එයට scope documentation , project proposal , requirement document , user document , වගේම charts වර්ග යොදාගෙන analysis කරන්න ඕන නිසා හොද communication knowledge එකක් අවශ්‍ය වෙනවා .
BA කෙනෙක් client ගාවට ගිහින් represent කරන්නේ අපේ company එය . එයා මත තමයි අපේ company එකේ තත්වය තීරණය වෙන්නේ . ඒ නිසා BA කෙනෙක්ට හොද leadership skill එකක් වගේම client ලගට ගිහින් හොද විදියට presentation කරන්න හොද presentation skill එකක් තියෙන්න ඕන .
තව වැදගත් කාරණාව තමයි BA කෙනෙක් වෙන්න නම් හොද listening skill එකක් නොහොත් හොද ඇහුම්කන් දීමේ හැකියාවක් තියෙන්න ඕන . මොකද කියනවනම් BA නිතරම එක එක වර්ගයේ clients ල සමග වැඩ කරන්න සිද්ද වෙන නිසා හොද ඉවසීමක් තියෙන්න ඕන . හෙතුව එක එක clients ල එක එක පරිසර තත්වයන්ගෙන් , සංස්‌කෘතයන්ගෙන් පැමිණෙන අය නිසා එයාලගේ හැසීරීම් රට විවිධ ස්වරූප ගන්න පුළුවන් . එතකොට BA කෙනෙක්ට මේ හැම කෙනාවම manage කරගෙන ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න හොද ඉවසීමක් අවශ වෙනවා .
BA ට සම්බන්ධ තවත් දෙයක් තමයි Requirement life Cycle කියන්නේ දැන් ඒ ගැන පොඩ්ඩක් බලමු .
එකේ පලවෙනි අවස්තාව තමයි requirement definition නොහොත් requirement gathering කියන්නේ .මේ අවස්ථාවේදී වෙන්නේ BA , clients ගෙන් requirement gather කරන එක . face to face meetings, Calls ,questionnaires හරහා මෙය සිදු කරයි .
ඊලග අවස්ථාව තමයි validation නොහොත් requirements වල validation check කිරීම .
ඊලග අවස්ථාව documentation කිරීම . BA plan creation , scope document නිර්මාණය ,proposal නිර්මාණය මෙහිදී සිදු කරයි .
Requirement management අවස්ථාවේදී requirements monitor කිරීම analysis කිරීම සිදු කරයි .
ඊලග වැදගත් දේ තමයි මේ කටයුතු කරන්න BA යොදා ගන්න ටූල්ස් තමයි World, excel , MS Vision , power point , UML Diagrams ,JEERA ,SQL quarries වගේ දේවල් .s