We are expertise of Game Development

we renderd unique and distinguished 2D and 3D game development with the virtual reality as well as augmented reality,manipulating use of unreal, paper 2D,construct 2, unity ,aditionally AR and VR tools. With the purpose of offering better service ,furthermore we are developing advanced image process prioritizing deep learning concept equelly innovative and creativity concept.

We provide distinguished services for web development

We provide distinguished and interactive web development services specializing latest technologies , innovation , creativity , AI and deep learning ,SQL, Dotnet,Html5,PHP,Azure,jquery,e commerce engine etc. utilizing to provide platform to create backend and frontend of web services.

Unique services for Application Development

We are the expertise of mobile development for both android and IOS platforms with the highest quality and the attractive user interface.To ensure uniquness of the product we are exploiting Artifitial Intelligent, UI,UX designing furthermore machine learning techniques providing IOT solutions too.

Digital Marketing Campaign provider

With the purpose of customizing our dynamic platforms and processing capabilities we are enhancing digitalization which making videos ,image postings, creative writing , fb postings ,animations ,visualization and creative designings.

AI and IOT solutioner

To customize AI based solutions like machine and deep learning will help to automate an operation secure and IOT solutions will let you gather big data without any hassle.

Thursday, 15 November 2018

Software Quality Assurance ගැන ඔබ දැනුවත්ද

Software  Testing  කියන්නේ අපි develop  කරන software එකක් අඩුපාඩු තියනවද , (bugs ,errors )  කියල check  කරලා ඒකේ තියන අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලියයි 

ඉතින් ඇයි අපි මේ testing  කරලා ලොකු වෙහෙසක් වෙන්නේ .

ඇත්තම කියනවනම් bugs , errors  තියන software  එකක් අපි release කලොත් ඒකෙන් අපේ  clients ලට අපි ගැන හොද impression  එකක් දෙන්න බැරි වෙනවා . ඉතින් එහම උනහම එයාල  අපේ product එක ගැන සතුටු  වෙන්නේ  නැ . එහෙම උනහම එයාලට  අපි ගැන තියන   විශ්වාසය නැති වෙලා ගිහින් අපිත් එක්ක business කරන එක නැති වෙනවා .   එතකොට අපේ company  එකේ profit එක අඩු වෙලා අපේ company  එක bankrupt වෙන්නත් ඒක බලපානවා . 

අනික තමයි product  එක release  කලාට පස්සේ  software  bugs , errors  නිවැරදි කරනවා කියන්නේ ඉතා ලොකු වෙහෙසක් දරන්න වෙනවා වගේම ලොකු මුදලක් දරනන්ත් වෙනවා . time එකත් ගොඩක් spend  වෙනවා .

වඩා වැදගත් කාරණාව තමයි මේ නිසා ලොකු විනාශයන් සිද්ධ වෙලා ජිවිත දේපළ වලට හානි වෙන්නත් පුළුවන්. හොදම උදාහරණය තමයි 1994 china වල සිද්ධ වුන airplane crash එක. ඒකෙදි ජිවිත 264 විනාශ වුනා . හේතුව වුනේ ඒ software  එකේ තිබ්බ bug  එකක්.

 ඊලගට බලමු  කවුද මේ QA  testing  කරන්නේ කියල 
මේ testing  කරන කෙනාට කියන්නේ QA  tester  කියල .

එතකොට QA  කෙනෙක්ට තියෙන්න ඕන Skills  මොනවද ?

QA  කෙනෙක්ට Technical skills  මෙන්ම  Non  Technical  skills  තියෙන්න ඕන . ඊට අමතරව QA test background  එක ගැන හොද knowledge  එකක් තියෙන්නත්  ඕන .
  
එයා මොනවද කරන්න ඕන   දේවල් 

  • මුලිකම දේ තමයි requirements  ගැන හොද අවබෝධයක් එයාට තියෙන්න ඕන .
  •  Test cases නිර්මාණය කිරීම 
  • Test  cases  Execute  කිරීම 
  • Bugs report කිරීම සහ නැවත නැවත bugs  test  කිරීම 
  • Review  meeting  වලට සහබාගි වීම .
ඊට  කලින් බලමු test  cases කියන්නේ  මොනවද කියල . මන්  සරලව මෙහෙම විස්තර කරන්නම් .පෑණක  Test Cases  තමයි
  •  පෑණ  boll point  ද gel ද ink ද යන වග verify කිරීම .
  • පෑනෙ  outer body material  එක plastic ද  එහෙම නැත්තම් වෙනත්  material එකක්ද කියල verify කිරීම .
  • පෑණෙ size එක සහ weight  එක verify  කිරීම .
  • පෑණෙ  තියෙන්න ඕන rubber grip  එකක්ද නැද්ද යන්න verify  කිරීම 
  • පෑණ smooth ද නැද්ද යන්න verify  කිරීම


මේ Testing  කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා .
1.Manual  Testing 
2. Automation  Testing 
  
Manual  Testing  වලදී වෙන්නේ කිසිම tool  එකක් භාවිත නොකරමින් මිනිසාගේ මැදිහත් වීමකින් පමණක් manually test  case execute කිරීම . මේකෙදි කිසිම automation  tool  එකක් පාවිච්චි  කරන්නේ නැ . මේකේ තියන වාසිය තමයි මේ ක්‍රමය ඉතා පහසු ක්‍රමයක් වීම . අවාසිය තමයි  මේක හරිම boring වගේම නැවත නැවත test  කර කර බලන්න වෙනවා . සමහර අවස්ථා වලදී errors  මග හැරෙන්නත් පුළුවන් .

 Automation  Testing වලදී වෙන්නේ manually test  නොකර automation  tools  පාවිච්චි කරමින් testing  කිරීමයි .එතකොට test  cases  execute  කිරීමට tools  පාවිච්චි කරනවා . මේකෙන් වෙන වසිය තමයි human  interaction  එකකින්  තොරව සිදුවන නිසා errors මගහැරෙන්නේ නෑ .අනික අවසානයේ සවිස්තරාත්මක report  එකක් generate කරන්නත් පුළුවන් වෙනවා .


Automation  tools  වලට උදාහරණ තමයි 
  1. Tricentis
  2. Mabl
  3. Selenium
  4. QTP
  5. Rational Functional Tester
  6. WATIR
  7. Skilk Test
මේකේ ඉතුරු කොටස ලගදීම බලපොරොත්තු  වන්න......

Friday, 9 November 2018

අද කතා කරනේ Chatbot ගැන








පරිගණකය ආශ්‍රය කරගත් chat system කියන්නේ අද ලෝකේ ඉතා ජනප්‍රිය commutation මෙතඩ් එකක්. එමගින් English වැනි natural language යොදා ගනිමින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත .

Chat systems ප්‍රබේධ

Human -Human dialog sysytems
Human Computer dialog systems (chatbot )

Human - Human Dialog System 


මෙහි development සිදු කිරිම පහසුය .මෙය මිනිසුන් දෙදෙනෙකු අතර මාධ්‍යක් වන අතර natural language එකට අනුව manipulate කිරිම සිදු කරයි .එසේම machine level natural language ක්‍රියා කිරිඉමේ හැකියාව අවශ්‍ය නොවේ. ex -: yahoo messenger ,MSN Messenger .

Human computer Dialog systems (චැට්බෝට්)

මෙය ඉතා අපහසු කාර්යකි .සියලු chat systems ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත යුතු වේ .


Capture



chatbot Overview
  • Analyzer මගින් user මගින් එවන input sentences read කිරීම සහ syntax විශ්ලේෂණය කිරීම සිදු කරයි .එසේම සුදුසු patterns සහ Tags හදුනා ගැනීමද සිදු කරයි.
  • Knowledge Identification Engine මගින් analyzer හරහා එන patterns සහ tags ,read කිරීමද knowledge base එකෙන් සුදුසු answers සොයා ගැනීමද සිදු කරයි. නිවරදි answer එක identify කිරීමට search mechanism යොදා ගනී .
  • Knowledge base එක chatbot system එකෙහි brain එක වැනිය .එය එක්තරා database එකකි .chatbot system එකෙහි අන්තර්ගතය ඇත්තේ මෙහි තුලය.
  • Generator මගින් sentences නිවැරදි කිරීම සිදු කරයි.

ELIZA

ELIZA යනු පැරණි Artificial Intelligent Program එකක් වන අතර 1960දී ජෝශප් Weizenbaum නිර්මාණය කර ඇත . input sentences analyze කර ඇත්තේ decomposition rules පදනම් කර ගෙනය .ELIZA වල තිබී ඇත්තේ ඉතා සීමිත natural language process ක්‍රියාවලියකි.

Elizebeth

ELISEBETH යනු ELIZA වලට සමාන තවත් chatbot system එකකි. knowledge එක script එකක් ලෙස text file එකක් තුල ගබඩා කිරීමට මෙය යොදා ගන්නා ලදී .හැම line එකක්ම script command notation එකක් ලෙස ආරම්භ වේ . ELIZEBETH හි ඇති විශේෂ හැකියාව වනුයේ sentences හි grammar චෙක් කර ඒවා නිවැරදි rules වලට සකස් කිරීමයි .

Artificial lingstic internet computer entity

Artificial linguistic internet computer entity යනු program එකක් නැතහොත් software robot එකකි .එය ඔබට පහසුවෙන් natural language එක සමග පහසුවෙන් චැට් කල හැකි පරිදි නිර්මාණය ඇත .එය develop කරන ලද්දේ 1999-2000 අතර කාලයේ Alicebot free software community එක මගිනි

Thursday, 8 November 2018

SEO (Search Engine optimization)

SEO කියන්නේ මොකද්ද කියල මුලින්ම බලමු

SEO කියන්නේ search engine වලට අපේ තියන site එකක් reach වීමේ ප්‍රවනතාව වැඩි කිරීමේ ක්‍රියාවලියක් .මේකෙදි වැදගත් වන තව දෙයක් තමයි meta data description සහ meta keywords කියන්නේ . ඒවගේම SEO ප්‍රධාන කොටස් 2කට බෙදන්න පුළුවන්.
1.On page Optimization
2. Off page Optimization

SEO කරන්නේ කොහොමද කියල දැන් බලමු

මේ සදහා මුලින්ම කරන්න ඕනෙ ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවියට ගැලපෙන හොදම Keywords සොයා ගැනීමයි. මෙය SEO වලදි හදුන්වන්නේ Keyword Research ලෙසයි. ඉන්පසුව තෝරාගත් හොදම Keywords වලට Search Engine වල ඉහළ ස්ථානයක් ලබා ගැනීමට ඔබේ වෙබ් අඩවිය තුළ වගේම ඉන් පිටත් සිදු කළ යුතු ක්‍රියාකාරකම් රැසක් තිබෙනවා. මේවා අපි SEO වලදී On Site SEO Methods හා Off Site SEO Methods කියල හදුන්වනවා

On page optimization

On page optimization කියන්නේ අපේ site එක තුල ඉදන් කරන්න පුළුවන් දේවල් ගැනයි .ඒ කියන්නේ අපි කොහොමද meta description එක දාන්නේ වගේ දේවල්.

Off page optimization

ඒ කියන්නේ site එකෙන් පිටත අපිට කරන්න පුළුවන් දේවල් .ඒ කියන්නේ back links හදනවා වගේ දේවල්

වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් කරන්නෙ කට්ටිය (traffic) අපේ අඩවියට පැමිණේවි කියා, නමුත් මේ traffic කියන දේ නිකන් පැමිණෙන්නේ නෑ . ඒ සදහා නොයෙකුත් ක්‍රම තිබෙනවා වගේම ගොඩක් මහන්සි වෙන්නත් සිදු වෙනවා.
SEO වල තිබෙන වාසිය නම් කිසියම් විශේෂ මහන්සියකින් තොරව traffic පැමිණීමයි. එනම් මෙහිදී ලැබෙන්නේ Organic Traffic (Search Engine) එකක කිසියම් Keyword එකක් type කර වෙබ් අඩවියකට පැමිණීමයි.

මේ වගේ  Keyword කිහිපයක් සදහා Search Engine වල මුල් ස්ථානය ලබා ගත්තොත් දිනකට දස දහස් ගණනක් දෙනා ඔයාගෙ වෙබ් අඩවියටත් පැමිණේවි. ඉතින් එතකොට Google Adsense, Affiliate Marketing වගේ ක්‍රම වලින් මුදල් ඉපැයීම බොහොම පහසු වැඩක්. මේ නිසාම ලෝකයේ වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හිමිකරුවන් මේ SEO කියන දේ සදහා විශාල උනන්දුවක් දක්වනු ලබනවා. සමහර අවස්ථාවලදී මේ සදහා ඔවුන් විශාල මුදලක්ද ඔවුන් වියදම් කරනවා. මන්ද මේ SEO වලින් ලැබෙන වාසිය ඒ තරම් ප්‍රථිපල දායක නිසා.

ඊට පස්සේ අපි බලමු ඔබේ වෙබ් අඩවියට ගැළපෙන හොදම key word හොයාගන්නේ කොහොමද කියල

Google කියන්නේ ලොව හොදම හා ජනප්‍රියම සෙවුම් යන්ත්රය (Search Engine) කි , එහිදී ඔබ ඇතුලත් කරන යම් වචනයක් ( Search Term) එකක් සදහා මිලියන ගණනක ප්‍රථිඵල ලැබෙනව .ඉතින් මේ වගේ මිලියන ගණනක් ප්රථිපල තිබෙන විට Google විසින් අදාල වෙබ් අඩවි 1,2,3...ලෙස Rank කරන්නේ කොහොමද දන්නවද . මෙහිදී Google විසින් විශේෂිත Algorithm ක්‍රමවේදයක් භාවිතා කරනු ලබයි. මෙහිදී යම්කිසි වෙබ් අඩවියක් අදාල Keyword එකක් සදහා Rank වීමේදී ඒ සදහා බලපාන්නා වූ සාධක රැසකි. ඒවා පහත ලෙස ප්‍රධාන කොටස් දෙකක් යටතේ දැක්විය හැකිය.

01. වෙබ් අඩවිය තුළ අදාල Keyword එක සදහා ගැලපෙන තොරතුරු නිසියාකාරව ඇතුලත්ව තිබීම හා වෙබ් අඩවිය තුළ පරිශීලකයාට පහසුවෙන් හැසිරිය හැකි වීම.

02. අදාල වෙබ් අඩවිය සදහා අන්තර්ජාලය තුළ ඇති කීර්ති නාමය.
Keyword List එක සකසා ගැනීමෙන් අනතුරුව  කළ යුත්තේ අදාල Keywords වෙන වෙනම විශ්ලේෂණයට (Analise) භාජනය කිරීමයි. එම විශ්ලේෂණ වලදී  පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය
  • අදාල Keyword එක සදහා Search Engine Results Page වල ඔබගේ වෙබ් අඩවිය පිහිටා ඇති ස්ථානය.
  • සෙවුම් යන්ත්‍රරයක අදාල Keyword එක පසුගිය සතිය/මාසය/වසර තුළ කෙතරම් සොයා බලා ඇත්ද යන වග.
  • අදාල Keyword එක කෙතරම් ජනප්‍රියද යන වග.
  • අදාල Keyword වලට අදාලව මුල් ස්ථාන ගන්නා වෙබ් අඩවි හා ඒවා කෙතරම් ජනප්‍රියද ශක්තිමත්ද යන වග.
  • අදාල Keyword එක කාලය අනුව ජනප්රිය වෙමින්(Trending)යන හෝ ජනප්‍රියතාව පහළ බසිමින් යන එකක්ද යන වග.
  • අදාල Keyword එක වැඩිම සොයන්නේ කුමන රටක හෝ ප්‍රදේශයක අයද යන වග
මෙම ඉහත සදහන් කළ විශ්ලේෂණ හා මේවාට අමතරව තවත් තොරතුරු ලබාදෙන නොමිලේ ලබාදෙන හා මුදල් වියදම් කර සේවා ලබාගත හැකි Online Tools හා Keyword Research Software රැසක් අන්තර්ජාලය තුළ ඇත.
නොමිලේ ලබාගත හැකි සේවාවන්.

Google Adword Keyword Planner
Google Trends
Google Correlate
IMforSMB Bulk Keyword Generator
Keyword In

මුදල්ගෙවා ලබා ගත හැකි සේවාවන්.
SEMrush
Longtail PRO
Buzzsumo
SERPwoo
Market Samurai

පරිගණක ජාල ගොඩනගන ආකාර

 


පරිගණක ජාල ප්‍රධාන ආකාර කිහිපයකට පවතී .මෙය Network Topology ලෙස හදුන්වයි. මෙලෙස ජාල නිර්මාණය කිරීමට ක්‍රම කිහිපයක් භාවිත කිරීමට හේතු වනුයේ ඒ උදෙසා යෙදිය යුතු සම්පත් ප්‍රමාණය හා එයින් බලාපොරොතු වන කාර්ය අනුවයි .මේ එක එක ක්‍රමයේදී දත්ත හුවමාරු වන ආකාරයන්හි වෙනස්කම් පවතී .


1. Star Network Topology

මෙම ක්‍රමයේදී හබ් එකක් උපයෝගී කර ගනිමින් ප්‍රධාන පරිගනයකයක් මුල් කර ගනිමින් ඒ වටා තරුවක ආකාරයට සියලු උපාංග සවි කරනු ලබයි .මෙම තාරකා ආකාර ජාල තාක්ෂණයේදී ජාලය හරහා සිදුවන සන්නිවේදනයක් ප්‍රදාන පරිගණකය (මෙය Host හෝ server කම්පියුටර් ලෙස හැදින් වේ )හරහා සිදු වේ .ප්‍රධාන පරිගණකයෙන් සේගෙන වා ඉල්ලා සිටින clients පරිගණක කිහිපයක් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාලය ක්‍රියාත්මක වනුයේ මෙම තක්ෂණය උපයෝගී කර ගෙනය .

2. Bus Network Topology

සීමිත පරිගණක ප්‍රමාණයක් උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාල විශේෂයකි . මෙහිදී එක් පරිගණකයක් ප්‍රධාන කිරීමක් හෝ පණිවුඩ අනෙක් පරිගණක වෙත යොමු කරන උපාංග භාවිත නොවේ .සියලු උපාංග පොදු එකම ලයින් එකක් තුලට සම්බන්ද වෙයි .සෑ ම පරිගනකයක්ම server පරිගණකයක් ලෙස හා client පරිගණකයක් ලෙසද ක්‍රියා කරයි.මෙය ඉතා අඩු මිලකින් ගොඩනැගිය හැකි ජාලයක් වන අතර එහෙත් විශාල ජාලයක මෙය එතරම් පොදු ක්‍රමයක් නොවේ .

3. Ring Network Topology

එක් එක් පරිගණකය එකින් එකට සම්බන්ද වන ආකාරයට මෙම ජාලය ගොඩනගනු ලබයි .මෙහිදීද කිසිදු පරිගණකයක් මුලික නොවන අතර server හා client යන දෙකෙහිම කාර්යන් එක එක පරිගණකය මගින්ම සිදු කල හැකි වේ . මෙහිදීද එක පරිගනකයක සිට අනික් පරිගණකය වෙත තොරතුරු ගමන් කිරීමේදී කිසිම පරිගණකයක් මගහැර යා නොහැකිය .

4. Hierarchical Network Topology

ප්‍රධාන පරිගණකයට තවත් ප්‍රධාන පරිගණක කිහිපයක් සම්බන්ධ කරයි .එම පරිගණකයේ සිට පහලට පරිගණක සම්බන්ධ වේ . ප්‍රධාන පරිගණකයට පසු ඇති  පරිගණකයට ප්‍රධාන පරිගණකය ලෙස ක්‍රියා කරයි . මෙම ක්‍රමයේදී වඩාත් කාර්යක්ෂම main frame වැනි පරිගණක භාවිත කරයි .ආයතනයක් තුල එක එක අංශ සදහා වෙන වෙනම ජාල පවත්වාගෙන යාමට මෙය උපකාරී වේ .

5. Fully Connected network Topology

මෙම ජාල ක්‍රමයට සම්බන්ධ වී ඇති පරිගණක වලදී සියලුම පරිගණක තම තමන් තුල පවත්නා තොරතුරු සන්නිවේදනය කර ගනිමින් ක්‍රියාත්මක වේ .www මේ සදහා හොදම නිදසුනකි .
මෙම ක්‍රම කිහිපයට අමතරව තවත් පරිගණක ජාල ගොඩනැගීමේ ජාල ආකාර ගණනාවක් පවතී



images




  • Mesh Topology
  • Hybrid Topology
  • Dil Ring Topology
  • Linear Topology
ජාලයක් හා සම්බන්ධ කිරීම සදහා පරිගණකයට network interface Card (NIC )සවි කල යුතුය .
සාමාන්‍යයෙන් මෙම NIC තෝරා ගැනීමේදී network එකේ ස්වභාවය මත එය තෝරාගත යුතු වේ .එයට හේතු වනුයේ සොකට් වර්ග කීපයකින් මෙම කාඩ්පත් පැවතීමයි .

1.B.N.C. Connector

මෙම connector උපයෝගී කරගෙන ගොඩනගනු ලබන ජාලය මගින් සම්බන්ද කල හැකි පරිගණක සංඛ්‍යාව 30 කට වඩා අඩු විය යුතුය . මෙය සාමාන්යෙන් antenna වයර් එකකට සමාන තික් එධර් නෙට් නමැති රැහැන් මගින් ගොඩනගන ජාලයකි .මෙම රැහැන් 180m කට වඩා දිගින් වැඩි වුවහොත් දත්ත ගමන් කිරීම නිසි ලෙස සිදු නොවේ .

2. DIX (AUT)Connector

මෙය parallel port එකකි .Tran sceiver එකක් හරහා තික් එදර් නෙට් කේබලයට සම්බන්ධ කිරීම උදෙසා parallel port එකේ සිට train sceiver cable භාවිත වේ . මෙම ක්‍රමය මගින් 500m දිග සීමාවක් තුල පරිගණක 100m ක් පමණ සම්බන්ධ කල ජාලයක් ගොඩනැගිය හැකි වේ .

Computer Networks

 

පරිගණක ජාලයක් යනු පරිගණක 2 හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ද කර ගොඩ නගනු ලබන පද්ධතියකි .පරිගණක ජාලය මගින් ප්‍රධන වශයෙන්ම අරමුණු වුයේ දත්ත එහා මෙහා ගමන් කරවීමයි .අද වන විට ජාලකරණය මගින් එයට වඩා විශාල වාසි රැසක් සලසෙයි .

1 . පරිගණයක පවතින දත්ත බාහිර ගබඩා මාධ්‍යක් හරහා ගෙන යාමකින් තොරව පරිගනකයට ලබා ගැනීම .

2. පණිවුඩ හුවමාරු උදෙසා භාවිත වන ඊ මේල් වීඩියෝ කන්ෆරන්සින් වැනි දියු නු හා වේගවත් තාක්ෂණික ක්‍රම මගින් පණිවුඩ හුවමාරු වේගවත් කිරීම .

3. එක් පරිගනයකට සම්බන්ද කර ඇති ප්‍රින්ටර් ,ස්කෑනර් ,සී .ඩී ධාවකයන් හෝ රයිටර් පරිගණක කීපයක් මගින් පොදුවේ පාවිච්චි කල හැකි වීම .

4. එක පරිගණයක ස්ථාපිත කර ඇති වැඩසටහන් එයට සම්බන්ධ කර ඇති අනිකුත් පරිගණක හරහ ක්‍රියාත්මක කල හැකි වේ එමගින් capacity ඉතිරි කර ගත හැකි වේ.

5.ආයතන හා වැදගත් තොරතුරු දිනපතා පරිගනකයක Backup ලෙස තබා ගැනීම උදෙසා ඉතා පහසුවෙන් දත්ත සන්නිවෙදනය කිරීම.

6. පරිගණකය තුල ඇති විවිද දත්ත එක පරිගනකයක සිට සිදු කරන වෙනස් කිරීමකදී සියලු පරිගණක තුල සංසොෂධනය වීමෙන් අක්‍රමිකතා වලක්වා ගත හැකි වීම .

පරිගණක ජලයේ අවාසි


1. පරිගනකයට ඇතුළු වන වෛරස් අනෙක් පරිගණකය තුලට ඇතුළු වී ඒවායේ ඇති දත්තයන්ට හානි සිදු කල හැකි වීම .

2.පරිගණක ජාලයේ ප්‍රධාන පරිගනයකයක් පවතී නම් එම පරිගණකය ක්‍රියා නොකරන විට සමස්ත ජාලයම අක්‍රිය වීම .

3.ජාලයේ ඇති වන කාර්මික දෝෂ මත දත්ත ලබා ගැනීමේ ගැටළු මතු වීම .

4. පොදුවේ භාවිත කිරීම උදෙසා එක පරිගනයකයක් තුලට ස්ථාපනය කර ඇති වැඩසටහන් කියා නොකරන අවස්ථාවකදී කිසිදු පරිගනයකින් එම වැඩසටහන ක්‍රියාත්මක කල නොහැකි වීම .

පරිගණක ජාලයක පවතින අංග


පරිගණක ජලාක් යනු වෙන වෙනම පවත්නා උපාංග එකට එක් කිරීමකි . මෙලෙස ජාලයකට සම්බන්ද කෙරෙන උපාංග Node ලෙස හදුන්වයි.

1 Serverce : හවුලේ ප්‍රයෝජනයට ගන්නා මෘදුකාංග සම්පත් ගබඩා කර ඇති ප්‍රධාන පරිගනකයයි .

2.Clients :හවුලේ ප්‍රයෝජනයට ගනු ලබන මෘදුකාන්ග හෝ files ඉල්ලා සිටිනු ලබන පරිගණක.

3.Modem:දුරකථන මාර්ගයක් උපයෝගී කර ගනිමින් පරිගණක 2ක් අතර සම්බන්ධතාවක් ගොඩනැංවීම උදෙසා මෙම උපාංගය අවශ්‍ය වේ.

4.Hub:ජාලයකට අලුත් පරිගණක සම්බන්ද කිරීමත් දැනට ජාලය හා සම්බන්ද වී ඇති හා නැති පරිගණක හදුනා ගනිමින් දත්ත හුවමාරු පවත්වාගෙන යෑමත් මෙම උපාංගය මගින් සිදු වේ .

5.Switch:හබ් එකක කාර්යම සිදු කරන මෙමෙ උපාංගය වඩාත් වේගවත්ම හා කාර්යක්ෂම වේ

6.Bridge:පරිගණක ජාලයක පවත්නා . තදබදය අවම කිරීම සදහා ජාලය කොටස් වලට වෙන්කර මෙම උපාංග යොදනු ලබයි .එමගින් දත්ත ගමන් කිරීම වේගවත් කල හැකි වේ. වෙන් වෙන්ව පවත්නා සමාන ජාල කිහිපයක් එක් කිරීම උදෙසා ද මෙය භාවිත කල හැකි වේ .

7.Gateway:වෙන් වෙන්ව පවත්නා සමාන ජාල අන්තර්ජාලය වැනි වෙනස් වෙනස් protocol සහිත ජාලයන් සමග සම්බන්ද කිරීමට මෙය උපකාරී වේ .මෙය මෘදුකාංග හරහා ගොඩ නැගිය හැකි වේ .

8.Router:විවිධ ජාල වල ඇති පරිගණක එකිනෙක සමග සන්නිවේදනය කල හැකි ලෙස එකට සම්බන්ද කරනුයේ රවුටරයක් මගිනි. මෙය විශේෂ network මොඩියුලයක් හෝ network කාඩ් කිහිපයක් සවිකළ පරිගණකයක් විය හැකිය .

9.Repeater: පරිගණක ජාලයක් විශාල වන විට ඇතිවන signals වේගවත් කිරීම උදෙසා මෙය උපකාරී වේ .

ජාලයක් පවත්වාගෙන යාමේදී ජාලයේ ක්‍රියාකාරකම් පාලනය කිරීම උදෙසා විශේෂිත ජාල ප්‍රොටෝකෝලයක් පැවතිය යුතුය .එසේම ජාලකරණය උදෙසා සහය දක්වන මෙහෙයුම් පද්ධතියක්ද අනිවාර්යෙන්ම පැවතිය යුතුය .

Boostrap ගැන ඉගෙන ගමු

                   
   

Boostrap යනු Mobile හෝ වෙබ් projects develop කිරීම සදහා වුනු front -End Framework එකක් වන අතර responsive පිටු නිර්මාණය ලිහිල් කිරීමට සැලසුම් කර ඇති CSS හා JavaScript ගොනු සමූහයක් වේ. අනෙක් framework වලට වඩා Boostrap වල තියන විශේෂත්වය තමයි මේක css වලට වඩා පාවිච්චිය ලේසි. අනික html basic elements වලට support කරන නිසාත් .

Boostrap Features

  • Theam supportive
  • Responsive
  • Visual audio සමග supportive
  • Components - buttons ,Modal ,pagination
Boostrap develop කරන ලද්දේ Mark Otto සහ Jacob Thornton දෙදෙනා සහ එය open source එකක් ලෙස release කරන ලද්දේ 2011අගෝස්තු මසදීය.

Boostrap වල වාසි .

  • Easy to use
  • Responsive features
  • Mobile-first approach
  • Browser compatibility

Boostrap ස්ටාර්ට් කරන ප්‍රදාන ක්‍රම 2ක් ඇත .

  • Download Bootstrap from getbootstrap.com
  • Include Bootstrap from a CDN
boostrap මගින් පළමු වෙබ් පේජය නිර්මාණය කිරීම
<!DOCTYPE html>
<html lang="en">
<head>
<meta charset="utf-8">
</head>
</html

Basic Web ගැන අද ඉගෙන ගමු

අපි අන්තර්ජාලයේ දකින web අඩවි වලට තොරතුරු ඇතුලත් කිරීමට පොදු භාෂාවක් අවශ්‍ය වේ .HTML යනු එවැනි භාෂාවකි .එහි තේරුම Hyper Text Markup Language වේ .එය 1989 දී රොබට් කැලියු විසින් හදුන්ව දෙන ලදී . මෙහි ඇති විශේෂත්වය වන්නේ web site සෑදීමට special software අවශ්‍ය නොවීමයි .ඒ සදහා note pad වැනි editor programs ප්‍රමාණවත් වේ. HTML ලියන විශේෂ ක්‍රමවේදයක් ඇත .පහතින් දැක්වෙන්නේ එම ආකෘතියයි .

<!DOCTYPE html>
<html>
<head>
<title> Document title</title>
</head>
<body>
My Name is Ashini
</body>
</html>

මෙහි එන <html > , <head >, <title > , <body > යනු open tags වන අතර </title > , </head > , </body > , </html > යනු close tabs වේ. මෙහි තැබිලි පාටින් පෙන්වන කොටස් අවශ්‍යතාව මත වෙනස් කල හැක .මෙහි title එකෙහි ලියනු ලබන්නේ අප කරන ලබන මාතෘකාව වන අතර body එක තුල content එක ලියනු ලබයි .ඊට අමතරව html headings ගැන කතා කරන විට headings 6 ක් ඇත .<h1> මගින් ප්‍රධානතම headings දක්වන අතර <h 6> මගින් least important headings දක්වයි .

<h1>This is heading 1</h1>
<h2>This is heading 2</h2>
<h3>This is heading 3</h3>

html file එකක් save කිරීමේදී .html හෝ .htm ලෙස save කල යුතු වේ 
  • <!DOCTYPE html> මගින් කියවෙන්නේ document එක HTML5 version වන බවයි .
  • <html> ටැග් එක යනු HTML page එකේ root element එකයි .
  • <head> element එකෙන් document එකේ ඇත meta information නිරුපනය කරයි .
  • <title> ටැග් එක වෙබ් සයිට් එකේ තොරතුරු වලට අදාල title එක දක්වයි .
  • <body> එලිමෙන්ට් එක අපට web site එකේ පේන් න තියන details දක්වයි .
  • <h1> යනු විශාල heading එක නිරුපනය කරන tag එකයි .
  • <p> paragraph නිරුපනය කරනුයේ මෙම ටැග්‍ එක මගිනි .
සාදන වෙබ් පිටුවක් තවත් පිටුවකට සම්බන්ද වන්නේ Hyperlinks හරහාය. මේවා ආකාර 3 කි .
  1. External links
  2. Internal links
  3. Navigation links

external link අපගේ වෙබ් අඩවියේ සිට වෙනත් වෙබ් අඩවියකට පිවිසීමට බාවිතා කරයි .මෙය <body > </body > අතර බවිත කරයි .
<a href =http://www.facebook.com> Facebook </a> මෙම link එක click කල විට FB යා හැක.

<html >
<head >
<title >document title </title >
</head >
<body >
<a href =http://www.facebook.com> Facebook </a>
</body >
</html >
Internal links මගින් අපගේම වෙබ් අඩවියේ ඇති වෙනත් වෙබ් පිටුවකට සම්බන්ද විය හැක.

<body >
<nav >
<a href =home .html > Home </a >i
<a href =about .html >about </a >i
<a href =service .html >service </a >i
</body >

Navigation link යනු අපගේම වෙබ් අඩවියේම ඇති වෙනත් web පිටුවකට ඉක්මනින් සම්බන්ද විය හැකි වෙබ් link  එකකි.
<nav>
      <a href=Home.html>  Home </a> |
      <a href=About.html>  About </a> |
      <a href=Service.html>  Service </a> |
</nav>
වෙබ් පිටුවකට images යෙදීම .
මේ සදහා <img >නම් tag එක හා src නම් attribute එක භාවිත කරයි .
image එකට boarder එකක් දැමීමට
<img src ="asd.jpg"border=5/ මෙහි 5 අගය වෙනස් කිරීමෙන් පින්තුරයේ ප්‍රමාණය වෙනස් කල හැක .
image tips යනු mouse pointer එක image එක මතට ගෙන ගිය විට විස්තරාත්මක ව තොරතුරු දැක්වීමයි .එය නිරුපනය කරනුයේ
<img src =”asd.jpg” title=”This is example”/>
වෙබ් පිටුවකට background image එකක් දැමීමට <body style ="background-image:url(asd.jpg)">
</body>