We are expertise of Game Development

we renderd unique and distinguished 2D and 3D game development with the virtual reality as well as augmented reality,manipulating use of unreal, paper 2D,construct 2, unity ,aditionally AR and VR tools. With the purpose of offering better service ,furthermore we are developing advanced image process prioritizing deep learning concept equelly innovative and creativity concept.

We provide distinguished services for web development

We provide distinguished and interactive web development services specializing latest technologies , innovation , creativity , AI and deep learning ,SQL, Dotnet,Html5,PHP,Azure,jquery,e commerce engine etc. utilizing to provide platform to create backend and frontend of web services.

Unique services for Application Development

We are the expertise of mobile development for both android and IOS platforms with the highest quality and the attractive user interface.To ensure uniquness of the product we are exploiting Artifitial Intelligent, UI,UX designing furthermore machine learning techniques providing IOT solutions too.

Digital Marketing Campaign provider

With the purpose of customizing our dynamic platforms and processing capabilities we are enhancing digitalization which making videos ,image postings, creative writing , fb postings ,animations ,visualization and creative designings.

AI and IOT solutioner

To customize AI based solutions like machine and deep learning will help to automate an operation secure and IOT solutions will let you gather big data without any hassle.

Friday, 7 December 2018

අද මන් Testing Management ගැන කියල දෙන්නම් .

 Test  Management    කියන්නේ project  goal  වලට යන්න කරන්නා වූ වැඩ පිළිවෙලක් . එනම් planning ,Execution ,Monitoring & controlling  කරන්නා වූ ක්‍රම වේදයක් . උදාහරණයක් විදියට මෙහෙම හිතමු . ඔයාගේ company  එක Banking  website  එකක් හදනවා කියල හිතමුකෝ . මේක තමයි ඔයාලගේ company  එක මෙතෙක් ලබා ගත්ත ලොකුම project  එක කියල හිතන්නකෝ . ඒ නිසා boss  ට ඕන මේ project  එක highest quality  එකෙන් නිර්මාණය කරන්න . ඒක කරන්නේ කොහොමද ?ඒක  හරියට Quality  එකට කරන්න manage කරන්නේ කොහොමද කියල තමයි අද මන් කියන්න යන්නේ.

ඉතින් development team  එක මහන්සි වෙලා project  එක කරනවා .දැන් තියෙන්නේ මේක server  එකට setup  කරන එකයි .  නමුත් ඔවුන්ට  විශ්වාස නෑ  කොච්චර  effective  වෙඉද කියල මේ project එක . ඉතින් ඔයාගේ boss  ඔයාව  test  manager විදියට පත් කරනවා . ඔයාගේ  කාර්යය තමයි customer  ට  deliver  කරන්න කලින් website  එකේ quality  එක verify  කිරීම සහ evaluate  කිරීම . ඉතින් මේ testing  management  වලදී testing  process  එක organize  කිරීම සහ control කිරීමත් , visibility ,traceability තහවුරු කිරීම සිදු කරයි .

ඇත්තටම ඇයි Test  Manager  කෙනෙක් අවශ්‍යය

testing process  වල තියන කාර්යන් සම්පුර්ණ කරන්න test  manager  අවශ්‍යය  වෙනවා .ඒ කිවේ මෙහෙමයි . මන් පහලින් පෙන්නලා තියෙනේ Waterfall  model  එකේ phases  ටික . ඒ phases වලත්  අනිවාර්ය අංගයක් තමයි  Testing  කියල කියන්නේ.

1. Requirement - product  එක අවශ්‍යය   විදියට නිම  කිරීමට needs  ,  conditions  තීරණය කරයි  .
2. Design  - Customer ගේ අවශ්‍යතාවට සුදුසු system  එක design  කරයි  
3. implementation - software  Engineers  project එකට implement  කරන source  code  write  කරයි .
4. Testing -  Program එකේ ඇති capabilities  සහ attributes evaluate  කිරීම 

testing  කියන එක key  element  එකක්  වෙන්න හේතුව තමයි quality , reliability , performance  තීරණය වන ප්‍රධාන සාධයක් තමයි Testing  කියල කියන්නේ .

දැන් බලමු Test  Manager  කෙනෙකුගේ roles  සහ responsible s 

අත්තටම  කියනවනම් project  එකේ success එක රැදිලා තියෙන්නේ Test Manager ගේ අතේ තමයි . ඒ අනුව Test Manager 
 
  1.  test team    එකක්  නිර්මාණය කිරීම සහ team  එක lead  කිරීම කරන්න ඕන . 
  2.  Product  එක release කලාට පසුව testing  කල යුතු  scope  එක define  කිරීම 
  3.  testing  කරන්න අවශ්‍ය resources සැපයීම සහ කළමනාකරණයෙන් යුතුව පාවිච්චි කිරීම 
  4.  product  එකට ගැලපෙන test  measurements ගැන team  එක දැනුවත් කිරීම 
  5.  testing  plan  සැකසීම සහ manage  කිරීම. 
හරි .. දැන් ඉතින් බලමුකෝ  test  management  වලදී  මුහුණ දෙන challenges  මොනවද කියල .

test manager කෙනෙක් වුනාම 

Test  Sufficient 
Test  Effectiveness  
Test  Efficiency
Test Progress
Product  Quality  ආදිය ගැන වග කියන්න වෙනවා .  

ඉතින් ඉහත කියපු  වගකීම් ඉටු කිරීමේදී අනිවාර්යෙන්ම challenges  වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා . ඒවා වලින් කිහිපයක් තමයි ,

  1. Test  කරන්න කාලය මදි වීම .
  2. Test  කරන්න අවශ්‍යය resources  ප්‍රමාණවත් නොවීම 
  3. Budget  එක ප්‍රමාණවත් නොවීම සහ  schedule එක tight  වැඩි වීම 
  4. Testing time  එක නිතරම එක place  එකක නෑ ,. නිතරම වගේ places  change  කරන්න සිද්ද වෙනවා 
  5. Check කරන්න සහ   validate  කරන්න requirements complex  වැඩි වීම . 
Test  Management  Phases  ගැන මන් කියන්නම් 




process  එකේ ප්‍රධාන කොටස් 2 යි .

  1. Planning   
  • Risk Analysis
  • Test Estimation
  • Test  Planning
  • Test Organization
      2. Execution
  • Test Monitoring & Controlling
  • Issue Management
  • Test Report & Evaluation

     Planning

  Risk Analysis


Risk  එකක් කියන්නේ  අනාගතයේදී ඇති  විය හැකි යැයි  සිතන  negative  results  ය. Test Manager  කෙනෙක්ට project  එකක් ලැබුනම ඉස්සෙල්ලම  කරන්න ඕන  දේ තමයි Risk  Analysis  කියන්නේ . හේතුව තමයි ඕනෑම project  එකක risk ඇති වෙන්න පුලුවන් . කලින්ම risk  හදුනාගැනීම සහ detection  කිරීම project  එකේ cost  එක save  කර ගැනීමටත් අනාගතයේ project  එක loss  වෙන්න  තියන අවාසියෙනුත් මිදෙන්නට උපකාරී වෙනවා . 

Test Estimation
Estimate  කිරීමේදී සිදු වන්නේ prediction  සිදු කිරීමක් . මේකෙදි ඇත්ත වශයෙන්ම සිද්ද වෙන්නේ task  එක complete  කරන්න කොච්චර කාලයක් ගත වනවාද යන්න නිර්ණය කිරීමයි . නිවැරදි test  estimation  එකක තියන වාසිය තමයි හොද plane  එකක් execution  එකක් monitor  එකක් කරන්න පුළුවන් වෙනවා .


Test Planning

Test plan එකේදී වෙන්නේ documentation එක describe කිරීමක් .ඒ අනුව Scope ,approach ,resources ,schedule    describe  කිරීමක් මෙහිදී සිද්ද වෙනවා . incomplete         test  plan  එකක් තිබීම project එකේ අසාර්ථකත්වයට බලපාන්න පුළුවන් . විශාල software  development  එකක් කරනකොට අනිවාර්ය අංගයක් තමයි මේ test  plan  කියන්නේ .software testing වලදී ,test plan  එක මගින් testing  information  ගැන මෙන්ම upcoming testing  ගැනත් සම්පුර්ණ තොරතුරු ගන්න පුළුවන් . එහිදී  test strategy , test objectives,suspension criteria , resource planing, test deliverable s  යන අංග ඇතුලත් වෙනවා . 


Test Organization

test plan එක ක්‍රියාත්මක කිරීමට test  Organization  එකක් අවශ්‍යය වෙනවා . 







Thursday, 6 December 2018

Software Engineering ඉගෙන ගමු

Software  Engineering  කියන්නේ software  development quality  වැඩි කර ගන්න යොදන framework  එකක් . එතකොට computer  software  කියන්නේ client  කෙනෙකුගේ  requirement ඉටු වන පරිදි create කරපු එකක් .

SDLC life Cycle කියන්නේ මොනවටද  බලමුකෝ

Software Development  Life  Cycle  නොහොත් SDlC  කියන්නේ Software  develop  කරන්න යොදා  ගන්නා  systematic process  එකකටයි . එහෙම කරපුවහම අපි build  කරන software  එකේ quality එක වගේම correctness  එකත් තහවුරු වෙනවා .SDLC  වල aim  එක වෙන්නෙත් customer ගේ expectation  උපරිම වන පරිදි high  quality  software  එකක්   අවසානයේ නිර්මාණය  කිරීමයි . software development  වලදී කළින්  define  කරපු  time  එකට සහ cost complete  කරන්න ඕන . 








SDLC  වල අන්තර්ගත වෙනවා detailed plan  එකක්. ඒ කිවේ software  එක build  කරන්න  plan  කරන විදිය , build  කරන විදිය maintain කරන විදිය define  කරපු plan  එකක් . SDLC  phases  වල phases  වලට ආවේණික  වූ process සහ deliverable   තියනවා .

SDLC  phases  මුලික වශයෙන් 7ක් තියනවා .

Phase 1: Requirement collection and analysis
Phase 2: Feasibility study
Phase 3: Design
Phase 4: Coding
Phase 5: Testing
Phase 6: Installation/Deployment
Phase 7: Maintenance 


  1. Requirement  analysis
SDLC  process  වල පළමු stage  එක තමයි requirement  analysis  කියන්නේ . ඒක  මෙහෙයවන්නේ Software development  team  එකේ ඉන්න senior සාමාජිකයන් ය . Quality  assurance plan  කිරීම , requirements  හදුනා ගැනීම , ඇතිවිය හැකි risk  හදුනා ගැනීම සිදු කරන්නේ මෙම stage  එක තුල දිය . මේ stage  එක පැහැදිලි අවබෝධයක් දෙනවා සම්පුර්ණ project  එකේ scope  එක ගැන වගේම ඇතිවෙන්න පුළුවන්  risk   , සහ opportunities  ගැනත් .  මුලික වශයෙන් කෙරෙන කාර්යය තමයි requirements  හදුනා ගැනීම .ඉතින් මේ ස්ටගේ එකේදී project  එකේ timeline එක finalize  කරන්න උදව්   වෙනවා .



     2. Feasibility studies

Requirement  Analysis  phase  එක අවසන් වු විට තියෙන ඊලග  පියවර තමයි software  needs  define  කරලා document  කරන එක . මේ සදහා උපකාර වන document  එක තමයි SRS  නොහොත් Software  Requirement  Specification  document  එක . එකේ තමයි project  life cycle එක තුල  design  කරපු develop  කරපු හැමදේම තියෙන්නේ .


Feasibility  check  කරන ක්‍රම 5ක් තියනවා .


  1. . Economic : එනම් අප කරන project එක අපට තියන  budget එක ඇතුලත කරන්න පුලුවන්ද බැරිද   යන වග .
  2. . Legal        : අප කරන project  එක cyber  law  එක යටතේ වගේම අනෙක් regulatory framework  එක යටතේ   කරන්න පුලුවන්ද බැරිද යන වග 
  3. .Operation  Feasibility  :  Client  ගේ expectation  එකට  අනුව project  operations  මෙහෙයවන්න පුලුවන්ද බැරිද  යන වග   
  4. . Technical :වර්තමානයේ ඇති computer system  එක build  කරන software  එකට support  කරනවද නැද්ද යන වග 
  5. : Schedule  : සම්පුර්ණ project  එක නියමිත කාල රාමුවේ   සම්පුර්ණ කල හැකිද නොහැකිද යන වග .
ආදිය check  කිරීම සිදු කරයි .


  3. Design


තෙවන අදියරේදී requirement  වලට අනුව සුදානම් කල system සහ software  design  documents මගින් සම්පුර්ණ architecture  එක define  කිරීම කරයි . මෙම stage  එකේදී design  documents 2ක්  develop  කරනවා . 

High  Level  Design (HLD )


  • හැම module  එකක් ගැනම කෙටි description  එකක්  ඇතුලත් වේ. 
  • හැම module  එකකම functionalities  නිරුපනය කරයි 
  •  relationship  සහ modules  අතර dependencies   interface  කිරීම 
  • key elements  සමග  database  tables  identify  කිරීම 
  • technology  details  සමග  architecture  diagrams   complete  කිරීම .



Low  Level  Design (LLD )


  •  modules  වල Functional logic
  •  type  සහ size  එක ඇතුලත් DB  tables 
  •  Interface  පිළිබද සම්පුර්ණ තොරතුරු 
  • සියලු වර්ගයේ dependency  issues 
  • error  messages 
  • හැම module  එකකම සම්පුර්ණ inputs  සහ  outputs  



යනාංග  ඇතුලත් වේ .

4. Coding 

Design phase  එක අවසන් වුනාට පසුව ඊලගට තියන වැදගත්ම කාර්යය තමයි Coding  කිරීම .මෙම phase  එකේදී developers ල සිදු කරන කාර්ය තමයි සුදුසු programming  language  එකක් තෝරාගෙන  සම්පුර්ණ system  එකම code  කිරීමයි .මෙහිදී සම්පුර්ණ system  එකම units , modules  වලට කඩාගෙන developers ල අතර modules  බෙදා හද ගෙන code  කිරීම සිදු කරයි .software  development life  cycle  එකේ තියන විශාලතම අවධිය තමයි මේක . මෙහිදී developers  ල compiler , interpreters , debugger , වැනි tools  පාවිච්චි කරලා code generate කරලා implement  කිරීම සිදු කරයි .

5.Testing 

Software  එක සම්පුර්ණ කල පසු ඉතිරි කාර්යය වන්නේ testing  කිරීමයි . එහිදී testing  team  එක , සම්පුර්ණ system  එකෙහිම functionalities  test  කිරීම ආරම්භ කරයි . එහෙම කරන්න හේතුව තමයි customer  requirements  වලට අනුව  සම්පුර්ණ application එක නිවැරදිව ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න තහවුරු කිරීමටයි . මෙහිදී QA  testing  team  එක bugs , defects  වගේ තියන අඩුපාඩු හොයාගෙන development  team  එකට දැනුම් දෙනවා .ඊට පස්සේ development  team  එක ඒ bug  fix  කරලා නැවත පරික්ෂා  කිරීමට  QA  ට එවනවා .මේක චක්‍රයක් වගේ software  එකේ bug  free  වෙලා business  need  එකට අනුව අවසන් output  එක වෙනකම්ම continue  වෙනවා .

6. Installation  

software  testing  phase  එක අවසන් වෙලා system  එකේ  bugs , errors free  වුවාට  පසු ඇති ඊලග level  එක තමයි installation  කියන්නේ .ඒ අනුව software  project  manager ගේ feedback  එක මත final  software  එක release  කරනවා .

7. Maintenance

system  එක install  කලාට පසුව customer  එම system  එක පාවිච්චි කිරීමට පටන් ගන්නවා . එවිට පහත activities  3 සිදු කරනු ලබනවා . 

  • Bug  Fixing : tested  වෙලා නැති සමහර bugs  report  කිරීම 
  • Upgrade  : අලුත් versions  වලට  upgrade  කිරීම . 
  • Enhancement : existing  system  එකට අලුත් features  add  කිරීම යනාදියයි .



ඊලගට මන් SDLC  වල තියන  ජනප්‍රිය models  ටිකක් කියන්නම් .

  1. Waterfall Model
  2. Incremental approach
  3. V Model
  4. Agile Model
  5. Spiral Model
  6. Big Bang Model

waterfall  model  එක කියන්නේ ලෝකය පුරා  ව්‍යාප්ත  වූ  පිළිගත් ජනප්‍රිය   model  එකක් . waterfall  model   එකේදී සිදු වන්නේ සම්පුර්ණ process  එකම විවිධ phases  වලට බෙදා වෙන්කිරීමයි .විශේෂ ලක්ෂණය තමයි එක phase  එකක output  එක ඊලග  phase  එකක input  එක වීමයි . 



Wednesday, 5 December 2018

Ubuntu Operating System

ubuntu කියන්නේ linux based  වුනු operating  system  එකක් .ඒක design කරලා තියෙන්නේ computers  වලට විතරක් නෙමෙයි smartphones ,network services වලටත් එය design කරලා තියනවා . මේ system  එක develop  කරලා තියෙනේ UK තියන Canonical කියන  company  එකක් මගින් .Ubuntu  develop  කරන්න යොදා ගත සියලුම principles පදනම් වෙන්නේ open source  software develop කරන්න යොදා ගත් රීතින් වෙනවා . 



පහත දැක්වෙන්නේ ubuntu ව ල දැකිය හැකි විශේෂ    ලක්ෂණ   කිහිපයකි .


1.ubuntu  desktop version එක windows  වල තියන  ඕනෑම  software  එකකට  support  කරනවා .ඒ කිවේ windows  වල තියෙන VLC ,Firefox ,Crome යන මේ ඕනෑම එකකට support  කරනවා .

2.Libre  Office   කියන  office  site  එකට support  කරයි .

3.Ubuntu වල තියනවා in built email  software එකක් Thunderbird කියල .ඒකෙන් user access  email ලබාදෙනවා .hotmail ,gmail , exchange  වගේ .

4. Photos  view  කිරීමට සහ edit කිරීමට users ලට host of  free applications තියනවා .
5.ඒ  වගේම video  manage කරන්නත් application තියනවා . එමගින්  videos share කරන්නත් users ලට අවස්ථාව සැලසෙනවා .

6.smart  searching  facility  මගින් ubuntu  වල තියන content හොයාගන්නත් ලේසි වෙනවා .

7 . ඉතා වැදගත්ම feature  එක තමයි Ubunty කියන්නේ freely ලබාගන්න පුළුවන් software  එකක් .



Ubuntu  වල Release  Cycle  එක බලමුකෝ .

හැම අවුරුද්දකම ubuntu  වල releases  2ක් තියනවා . පලවෙනි  එක Aprail  වල release  කරන අතර අනික October වල release  කරයි . version  number  එකට denote  කරන්නේ software එක release කරපු අවුරුද්දයි .උදාහරණයක් විදියට Version  14.04 release කලේ 2014 අප්‍රේල්  වල .ඊට සමානව 16.04 කියන version  එක release කලේ 2016 අප්‍රේල්  මාසයේ . 

ubuntu  කියන්නේ linux  based  වුන operating  system  එකක් නිසා ubuntu  වල බොහෝ විට පාවිච්චි වෙන්නේ command lines . මෙහිදී  terminal  එක use  කරනවා .windows වල use කරන command prompt එක වෙනුවට මෙහිදී terminal  එක use  කරයි .




පහත දැක්වෙන්නේ ubuntu වල දැක්වෙන භාවිත වන commands  කිහිපයකි . 






Directory  listing 

Directory Listing command  එක start  කරන්න පුළුවන්  පහසුම  command  එක තමයි 

ls  -option directoryname


screen  එක clear  කිරීමට clear  කියන syntax  එක යොදා ගන්නවා .

Command Help 
Command help  ලබා  ගැනීමට man commandname  යන syntax use කරයි .

files සොයා ගැනීමට find filepattern   යන syntax එක use  කරනවා . 



Monday, 3 December 2018

Business Analysis Process ගැන බලමු




ඕනෑම Business  Analyst කෙනෙක්ට  project  එකක්  ලැබුනම තියෙන ලොකුම challenge    එක තමයි  කොහොමද පටන් ගන්නේ කොහෙන්ද පටන් ගන්නේ කියන එක . ඒ වගේම මොන වගේ deliverables ද create  කරන්න ඕන සහ කොහොමද project  එක   successfully complete  කරන්නේ කියන එක  .

ඉතින්  අද මම මේ ප්‍රශ්න වලට විසදුමක් ගේන  business  process  analysis  technics ගැන ඔයාලට කියල දෙනවා .

1 පියවර :    project  එකේ සියලු තොරතුරු එකතු කරගන්න .


 BA  කෙනෙක්ගේ වගකීම තමයි  project  එකට අදාල සියලුම තොරතුරු එකතු කරන එක . project එකට සම්බන්ද අයගේන්  (Project  Manager  , project  Sponsor , Business  Owner )  ප්‍රශ්ණ  අකාරයෙන්  ගැටළු  ඉදිරිපත් කිරීමෙන් තොරතුරු එකතු කරගන්න පුළුවන් .
  
information  gather  කරද්දී පහත areas  cover  වෙන්න ඕන . 
1. Project  scope  ආණ්ඩ boundaries
2. organization එකට  වර්තමානයේ  බලපාන  සාධක 
3. Projects  risk  / Constraints 
4.Broader organization  context 

මෙහිදී වැදගත් වන කොටසක් තමයි stakeholders  කියල කියන්නේ . ඒ කියන්නේ project  එකට actively involved    වෙලා ඉන්න අයට .

සියලුම information gather  කලාට පසු ඔබේ project part කොටස analyse  කරන්න ඕන . පසුව checklist එකක්  නිර්මාණය  කරන්න ඕන පහත දෑ  ඇතුලත් කරමින් . 

1. ඔයාගේ කළින්  අත්දැකීම් වලින් ,වර්තමානයේ තියෙන project  එකට ගන්න පුළුවන් දෑ  මොනවද .
2. වර්තමානයේ ඇති project  එකට  අවශ්‍ය වුනු Documentation  සහ plannings 
3.stakeholders  සමග project  එකට ලැබිය හැකි outcomes  සාකච්චා  කිරීම 
4. දැනට project  එකට involve  වෙලා ඉන්න members ල    sort  out  කිරීම 
5.බලාපොරොතු   වන deliverable සහ අවශ්‍ය format  
6.ඔබේ project සුදුසුම methodology (Agile /Waterfall )සෙවීම 

2. Project Manager /team  members  සමග  review  meeting  එකක් set up කිරීම .


project  එකකට හොද agenda  එකක් තියෙන ඕන . නැත්තම්  ඒක  project  එකේ අසාර්ථකත්වයට බලපාන්න  පුළුවන් . 

project  එකෙන් බලාපොරොතු  වුන දේවල් ගැන specific idea  එකක් තියෙන්න ඕන . 
Project manager , team members ,stakeholders   involve  වුනු meetings  තියෙන්න ඕන වගේම project  එකට  අදාල ප්‍රශ්න අහන්න ඕන .

සමහර විට ඔබ සම්පුර්ණයෙන්ම අලුත් project  එකක් handle  කරනවා වෙන්න පුළුවන් .එහෙම අවස්ථාවල කළින් මෙම domain  එකේ කළින්  experience තියන managers  වගේ  අයගෙන් විස්තර දැනගන්න ඕන . 


3.Project  එකට අවශ්‍ය documents  analyse  කිරීම .

Business process documentation
Business and system requirements documents
Business cases
Charts and flow diagrams
Project plans
Organization chart
Strategy documents and business plans
Policies and legislation

4. සොයාගත් Factors  සහ information record කිරීම .


research කරපු සහ analysis කරපු   project එකට අදාල සියලු තොරතුරු     record  කර ගත යුතුයි . වර්තමානයේ project  එකට බලපාන  Business requirements including reporting requirements , Business processes and supporting systemස , Functional and non-functional requirements , Issues and risks  වගේ දේවල් මේ අතර වෙනවා .

5. Problem  domain  එක තේරුම් ගැනීම 

මොන වගේ business  function බලපානවද නැද්ද යන වග 
Business  එකට බලපාන risk  සහ factors 
project එකට බලපාන policies  සහ    constraints  
problem  domain  සම්බන්ද documents සැපයීම (Annual  Report )
business  එකට බලපාන issues 
proposed  changes  වැනි දෑ  මේ අතර වෙනවා .


6. Business  Requirement  Present  කිරීම

problem  domain  එක තේරුම් ගත් පසු සහ business requirements  සියල්ල එකතු කරගත් පසු තිබෙන  ඊලග පියවර තමයි project  managers  සහ stakeholders  ලට  business  requirements  present  කිරීම . 

 requirements  present  කරන්න විවිධ techniques  තියනවා .
  •  table or spreadsheet
  •  diagram or graph
  •  prototype or simulation
  •  structured text template or structured sentence
දැන් මන් කියන්නම් BA  කෙනෙක්ට වැදගත් වන tips  කිහිපයක් . 
  1.  meetings  වලදී ප්‍රශ්න අසන්න 
  2. stakeholder  meetings  සහ review  වලට ප්‍රථම හොද සුදානමක්  තියාගන්න 
  3. අලුත්  අත්දැකීම්  වෙනස්කම් වලට හුරු වෙන්න 
  4. feedback  වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන්න .